27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව දේශපාලන ශ්‍රීලනිපය ජනපති සහ අගමැති හමුවීමට සැරසෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග වෙන් වෙන්ව සාකච්ඡා කිරිමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි.

එළඹෙන මහ මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරන බව ද රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයට අදාලව නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේය.

පක්ෂයේ ප්‍රති සන්ධාන කටයුතු කඩිනමින් අවසන් කිරිමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්