27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව දේශපාලන ගෝඨාභයට තුනෙන් දෙක දෙන්න.. මට නිදාගන්න

විධායක බලය ලබා දුන්නා සේ ව්‍යවස්ථාදායක බලයත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහිතව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබාදීමට කටයුතු කළ යුතු බව නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(10) ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ පැවති ජන හමුවකදී අදහස් පළ කරමිනි.

උතුරු නැගෙනහිර ඡන්ද නැති වෙලා යද්දි දකුණේ ජනතාව මේ රට වෙනුවෙන් ඉතා විශිෂ්ඨ තීරණයක් ගත්තා.බුද්ධිමත් ජනතාව පක්ෂ භ්දයෙන් තොරව ඉතා බුද්ධිමත් තීරණයක් ගත්තා.

ජනතාවට විශාල අවශ්‍යතාවයක් තිබුණා මේ රට ගමන් කළ මාර්ගය වෙනස් කළ යුතුයි කියලා.අද එක්සත් ජාතික පක්ෂයත් පිළි ගන්නවා ඔවුන් අතින් වැරදි සිදු වුණා කියලා.

විශාල ණය කන්දක් එක්ක ලබා දුන් මේ පාලන බලය ජනතා බලාපොරොත්තු ඉටු වන පරිදි මල් පල ගැන්වීම සදහා කටයුතු කිරීමේ වගකීම මේ රජයට තිබෙනවා.

අද එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල වශයෙන් අපිත් එක්ක එකතු වෙනවා.එක්සත් ජාතික පක්ෂය අද කැඩිලා බිදිලා සුනු විසුනු වෙලා ගිහිල්ලා තියෙන්නේ.නායකත්වය ගැන කුළල් කා ගන්නවා.එහෙම පක්ෂයක ජනතාව රැදි ඉන්නේ නැහැ.

ජනතාවට ඉතා පැහැදිලිව වැටහී තිබෙනවා එක්සත් ජාතික පක්ෂයට තව අවුරුදු 25 කින් වත් මේ රටේ බලයට එන් බැහැ කියලා.ඒ නිසාම අද එක්සත් ජාතික පාක්ෂිකයින් අපිත් එක්ක එකතු වෙමින් යනවා.

ඌව පරණගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වශයෙන් ප්‍රදේශයේ ජනතාවගේ සංවර්ධන ගැටළු විසදීමට මෙන්ම රැකි රක්ෂා ඇතුළු පොදු ප්‍රශ්න සදහා විසදුම් ලබාදීමට කැපවී කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් රටේ ජනතාවට සේවයක් නොකරමින් පාර්ලිමේන්තුවේ නිදාගන්නා නිමල් සිරිපාලද සිල්වා දැන් තුනෙන් දෙක ඉල්ලා සිටින්නේ තවත් වැඩිපුර බලය ලබාගෙන ජනතා මුදලින් ගතකරන සුඛෝපභෝගී දිවියේ සැප තවත් වැඩි කරගැනීමට බවට ජනතාව චෝදනා කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්