22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව ආර්ථික බොරතෙල් මිල 20%කින් පහළ ගියත් ලාංකිකයන්ට කිසිදු වාසියක් නොදීමට රජය තීරණය කරයි

කොරෝනා වෛරසයත් සමඟ උද්ගත වූ වාතාවරණය මත ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සියයට විස්සකින් පහළ වැටී තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තියෙහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් , භාණ්ඩ ප්‍රවාහන කටයුතු මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ද අඩපණ වී තිබේ.

2011 වසරෙන් පසු චීනයේ වේගවත්ම උද්ධමනය වාර්තාවූයේද මේ කොරෝනා වෛරසය පැතිරයාමෙන් පසුවයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රෙයන් පහළ යමින් පවතින අතර, ජනවාරි 03 වැනිදා සිට පෙබරවාරි 10 වැනිදා දක්වා ගෙවුණු සති පහ තුළ බොරතෙල් මිල 20 % කින් පහත වැටී තිබේ.

එහෙත් මෙහි වාසිය ශ්‍රී ලාංකිකයන්ට නොදීමට රජය තීරණය කිරීම නිසා මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳ පොළට වඩා වැඩි මිලක් ගෙවමින් තෙල් මිලදී ගැනීමට ලංකාවේ පාරිභෝගිකයන්ට සිදුව තිබේ.

විදෙස් විචාරකයන් පවසන්නේ, 2008 -2009 කාලයේ පැවති ලෝක ආර්ථික අර්බුදය හමුවේ ලෝක බොරතෙල් වෙළඳපොළට ඇති වූ බලපෑමට වැඩි බලපෑමක් කොරෝනා වෛරසය නිසා මතුව ඇති බවයි.

ජනවාරි 03 වැනිදා අමෙරිකානු ඩොලර් 68 ක්ව පැවති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ දිනය වන විට ඩොලර් 53.48 ක් ලෙස සටහන්ව තිබුණි.

ජනවාරි 03 වැනිදා අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 63 ක්ව පැවති අතර ඊයේ (10) එය සටහන්ව තිබුණේ ඩොලර් 48.52 ක් ලෙසයි.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙලෙස ඉහළ ප්‍රතිශතයකින් පහළ යාමේ වාසිය මෙරට ජනතාවටත් හිමිවෙයි ද ?

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්