27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් "මම කියපු විදිහට කළේ නැත්තේ ඇයි?"- නීතිපතිගෙන් සැර ලිපියක්

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට අදාළව තමා ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාකරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට අදම නිසි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (11) යළිත් උපදෙස් ලබා දී තිබේ.

ඒ වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් මෙතෙක් අධිකරණ ක්‍රියාමාර්ග නොගැනීමට අදාළව නීතිපතිවරයාට එවා තිබූ කරුණු දැක්වීමකට ප්‍රතිචාර දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග අධිකරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කළැයි චෝදනා මත වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තමා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගෙන් පසුගියදා කරුණු විමසීමක් කළේය.

ඊට අදාළව වැඩබලන පොලිස්පතිවරයා ඊයේ (10) නීතිපතිවරයා වෙත ලිඛිත කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

එම කරුණු දැක්වීමේ ලිපියට අදාළව නීතිපතිවරයා අද තවත් ලිපියක් පොලිස්පතිවරයාට යොමු කළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.

හිටපු විනිසුරුවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර දුරකථන සංවාදය සිදුවූයේ කුමන අධිකරණ සීමාවකද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවට පොලිස්පතිවරයා සිය ලිපියෙන් දන්වා ඇති බව නීතිපතිවරයා සඳහන් කරන්නේය.

නමුත් අදාළ සංවාදය ප්‍රකාරව එවකට කොළඹ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ දෙවන සැකකාර ගිහාන් පිලපිටිය මහතා “ නෑ..නෑ.. මගේ වාහනය හරවන ගමන් උසාවියට “ යනුවෙන් සඳහන් කරන බැවින් අධිකරණ බලසීමාව පැහැදිළිවම අනාවරණ වන බව නීතීපතිවරයා පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.

එමෙන්ම ජනවාරි 23 වනදා නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව ක්‍රියා නොකර දින 18කට පසු අධිකරණ බලසීමාව නොදැන සිටි බව නීතිපතිවරයාම විමසන තෙක් පවසා නොසිටීම හාස්‍යට ලක්වන කරුණක් බව නීතිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේ තම උපදෙස් අනුව ක්‍රියාකරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට අදම නිසි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එසේ වුවද මෙම සිද්ධියේ විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය අදාළ නීති කෘත්‍ය වෙනුවෙන් අද අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ නැත.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සහ නීතිපතිවරයාගේ නියෝගය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පසුගිය පෙබරවාරි 08 වනදා ලිපියක් යොමුකර තිබේ.

එහි සඳහන් කොට ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග පැවැත්වූ දුරකථන සංවාද සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීම සම්බන්ධයෙන් සහ රාමනායක මහතාගෙන් 2015/2016 වසරවලදී තමාට තර්ජන එල්ල වූ බවට විනිසුරුවරයා කර තිබූ පැමිණිලි සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳවයි.

ඒ අනුව විනිසුරු ගිහින් පිලපිටිය සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමර්ග ගන්නැයි නීතිපතිවරයා කළ නියෝගය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සුදුසු උපදෙස් ලබාගැනීම සඳහා තමා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත්කළ බව පොලිස්පතිවරයා ජනාධිපති ලේකම්වරයාට යොමුකළ ලිපියේ සඳහන් වේ.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.එන්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා විසින් හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිස්පතිවරයා යොමුකළ ලිපියේ සඳහන්.

ඒ අනුව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී විනිසුරු ගිහාන් පිලපිටියගේ පුද්ගලික ආරක්ෂක නිලධාරිවරයා අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු වැඩබලන ලේකම් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක, අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් සටහන් කරගත් ප්‍රකාශවලට අනුව එවකට රාජ්‍ය අමාත්‍යවරයෙකුව කටයුතු කළ රන්ජන් රාමනායක මහතා විසින් එවකට මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට තර්ජනය කර ඇතැයි අනාවරණ වී ඇති බව පොලිස්පතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි.

එමෙන්ම ගිහාන් පිලපිටිය මහතා 2015 වසරේ මේ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලට අදාළව 2015/2016 වසරවලදී විභාගයක් සිදුකළ බව එම විමර්ශනය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී කේ.ඩී.එල්. සිරිවර්ධන මහතා සඳහන් කර ඇති බවද ලිපියේ සඳහන්.

ඒ අනුව මෙම සිද්ධිය සිදුවී අවුරුදු කිහිපයක් ගතවී ඇති බැවින් ගිහාන් පිලපිටිය මහතා 2015/2016 වසරවලදී ශ්‍රී ලංකා පොලීසිය ඇතළු අනෙකුත් කාර්යාලවලට යවන ලද විස්තර මේ වනවිට සොයමින් සිටින අතර එම විස්තර ලබාගැනීම හරහා ගිහාන් පිලිපිටිය මහතාට වූ තර්ජනය තවදුරටත් තහවුරු වන්නේද යන්න පිළිබඳව අනාවරණ වනු ඇති බවද පොලිස්පතිවරයා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්