22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව දේශපාලන නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 4ක් විනය කමිටුව හමුවට

පක්‍ෂ විනය කඩකිරීමේ චෝදනාව මත පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකු මේ මස 14 හා 15 යන දෙදින තුළ විනය කමිටුව වෙත කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අනුව 14 වැනිදා ඩිලාන් පෙරේරා, එස්.බී. දිනාසායක හා ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන යන පක්‍ෂ සාමාජිකත්වය දරන මන්ත්‍රීවරුන් විනය කමිටුව කැඳවා තිබෙන බවත්, 15 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා කැඳවා තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාට අපේක්‍ෂකත්වය ලබාදෙන බවත්, මනාප ගැටලු නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවෙන් ඉදිරිපත් කිරීම පිළිබඳ සුළු පිරිසක් විරෝධය දැක්වුවද, මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

අද (11දා) පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්