27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් රියදුරන් වාහන සමඟ පැහැරගෙන ඝාතනය කරන කල්ලියක්

කුලී ගමනක් රැගෙන යන මුවාවෙන් මිනුවන්ගොඩදී හා ජාඇළදී ලොරි රියැදුරකු හා ත්‍රිරෝද රථ රියැදුරකු රැගෙන ගොස් පිහියෙන් ඇන ඝාතනය කර ලොරි රථය හා රුපියල් විස්සක මුදලක් කොල්ලකෑ තිදෙනකුගෙන් යුත් කල්ලියේ ප්‍රධාන සැකකරු වන ගරාජ් හිමියකු ඊයේ (11දා) අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

මෙම සැකකරුවන් අතින් ඝාතනයට ලක්වූයේ ජාඇළ ප්‍රදේශයේ 55 හැවිරිදි ලොරි රියැදුරකු හා මිනුවන්ගොඩ, අඹගහවත්ත පදිංචිව සිටි 64 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි.

දින දෙකක් තුළ එකම ආකාරයෙන් සිදුවූ මෙම අපරාධයන් දෙක සම්බන්ධයෙන් සී.සී.ටී.වී. කැමරා පරික්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කැලණිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතා පොලිස් කණ්ඩායම් කිහිපයකට ලබාදුන් උපදෙස් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඉකුත් 31 වැනි දින සිදුවූ ලොරි රියැදුරුගේ ඝාතනය සඳහා පැමිණි පුද්ගලයන් මෝටර් රථයකින් පැමිණෙන අයුරු සී.සී.ටී.වී. දර්ශන අනුව නිරීක්ෂණය වීමෙන් පසු එහි ලියාපදිංචි අංකය අනුව එහි අයිතිකරු සොයා ගොස් විමසීමේදී එම මෝටර් රථයේ නඩත්තු කටයුත්තක් සඳහා මීගමුව, කදිරාන ගරාජයට දැමූ බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව එම ගරාජය සොයා යෑමේදී එහි මෝටර් රථය සමඟ ගරාජ් හිමියා පිටතට ගොස් ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව එම ගරාජ් හිමියා අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී ඉකුත් දින දෙක තුළදී ජාඇළ පොලිස් වසමේ සිදු වූ ලොරි රියැදුරු හා ත්‍රිරෝද රථ රියැදුරු ඝාතනවල ප්‍රධාන සැකකරු බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

ඉකුත් 31 වැනි දින ජාඇළ ප්‍රදේශයේදී ලොරි රියැදුරුව කිරිඳිවැලට කුලී ගමනක් යන මුවාවෙන් රැගෙන ගොස් මිනුවන්ගොඩ, නිවන්දම ප්‍රදේශයේදී ඔහුගේ උදර ප්‍රදේශයට පිහියෙන් ඇන ඝාතනය කර එකී ලොරියේ ඇතැම් කොටස් ගලවා රුපියල් හතළිස් පන්දහසකට තිහාරිය පුද්ගලයකුට විකුණා තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

එයින් දින දෙකකට පසුව රාත්‍රි හතට පමණ මිනුවන්ගොඩ ත්‍රිරෝද රථ රියැදුරකු කුලී ගමනක් රැගෙන යන මුවාවෙන් රැගෙන ගොස් ඒකල, මොන්ටානවත්ත ප්‍රදේශයේ පාළු ස්ථානයකදී ඔහුගේද උදරයට පිහියෙන් ඇන ත්‍රිරෝද රථය කොල්ලකෑමට සූදානම් වෙද්දී ත්‍රිරෝද රථ රියැදුරු එහි යතුරු අසල කැලයට විසිකර ඇති අතර අනතුරුව ඔහුගේ මුදල් පසුම්බිය සැකකරුවන් විසින් කොල්ලකා තිබූ බවත් එහි තිබී ඇත්තේ රුපියල් විස්සක මුදලක් බවත් සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා කටුනායක පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම ඝාතකයන්ගේ ප්‍රධාන සැකකරු මීට කලකට පෙර සොරකම් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටියදී දැන හඳුනාගෙන තිබූ අනෙක් සැකකරුවන් දෙදෙනා එක්ව මෙම ඝාතනය සිදුකර තිබූ බව පොලිසිය කියයි.

එම සැකකරුවන් දෙදෙනා හෙරොයින් මත්කුඩු හා අයිස් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූවන් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

චිචී, නාමල් රැකියා නොකර අති සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන රහස හෙළිවෙයි

එයාර්බස් වංචාවේ ප්‍රධානම සැකකරුවෙකු වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමකින් බැර කරන ලද ඩොලර් ලක්ෂ 08ක මුදල නිමල් පෙරේරා ඉන් අනතුරුව කිෂන් බූටානි...

පාඨක අදහස්