27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව දේශපාලන මෛත්‍රීවත් චන්ද්‍රිකාවත් ඕනි නෑ, අපිට තුනෙන් දෙක ගන්න පුළුවන්

මෛත්‍රිපාල සිරිසේන සහ චන්ද්‍රිකා කුමාරතුංග නැතත් පොහොට්ටුව මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබාගත හැකි බවත් ඕනෑම කෙනකුට පොහොට්ටුව සමඟ එකතු වීමට හැකි බවත් කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

පසුගිය නිලවරණයෙන් අත්තනගල්ල විවිධ සේවා සමුපකාර සමිතියට තේරී පත්වූ කාරක සභිකයන්ගේ පළමු හමුව පසුගියදා අත්තනගල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවැසීය. වැඩිදුරටත් මාධ්‍යවේදීන් හමුවේ පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතිනවා. අදටත් අප මේ පාර්ලිමේන්තුව ගෙනියන්නෙ බහුතරයක් නොමැතිව. රටක ආණ්ඩුව අස්ථාවර නම් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට නොහැකි වෙනවා.

පහුගිය කාලේ ජාතික ආණ්ඩු හදල මේ රටේ ආර්ථිකය විනාශ කළා. අද රටම ණයකාරයෝ කරන්න, රටේ ජාතික ආරක්ෂාව නැති කරන්න යහපාලන ආණ්ඩුව වැඩ කටයුතු කළා. ඒ යහපාලනයට නායකත්වය දුන්නේ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා. පසු කාලීනව එතුමා වෙනස් වුණත් ජනතාව තුළ එතුමාට වැඩි කැමැත්තක් නෑ. අප ඉල්ලන්නෙත් පොහොට්ටුවෙන් පමණයි. රටේ ජනප්‍රියම ලකුණ නිසා පොහොට්ටුවට කවුරුවත් විරුද්ධ වන්නේ නෑ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්