27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සිසුන්ට අමානුෂික අන්දමට නවකවදය දුන් සිසුවෙකුට පිරිසක් පහර දෙයි

සිසුන්ට අමානුෂික අන්දමට නවකවදය දුන් සිසුවෙකුට පිරිසක් පහර දෙයි

යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ නවක සිසුන්ට අමානුෂික හා අසභ්‍ය අන්දමට නවක වදය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පන්ති තහනමකට ලක්ව සිටින සිසුවෙකුට 11 දා රාත්‍රී 10.30 ට පමණ කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ.

මේ පහර දීම සදහා හතර දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් සිසුවාට පහර දීමෙන් පසුව ඔහුගේ නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයටද නිවසේ දොර ජනෙල් වීදුරු වලටද පහර දී අලාභ හානි සිදුකොට ඇති බව සඳහන්.

යාපනයේ මනීපායී ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණි පිරිසක් සිසුවාට නිවසින් එළියට පැමිණෙන ලෙස කතා කොට ඔහු පැමිණීමත් සමගම පහර දී පලා ගොස් තිබේ.

පහර කෑමට ලක් වූ සිසුවා රාත්‍රියේම යාපනය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

මනිපායි පොලීසිය සිද්ධිය පිළිබද්ව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

චිචී, නාමල් රැකියා නොකර අති සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන රහස හෙළිවෙයි

එයාර්බස් වංචාවේ ප්‍රධානම සැකකරුවෙකු වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමකින් බැර කරන ලද ඩොලර් ලක්ෂ 08ක මුදල නිමල් පෙරේරා ඉන් අනතුරුව කිෂන් බූටානි...

පාඨක අදහස්