32 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව දේශපාලන පොහොට්ටුවත් එක්ක ගහපු ගිවිසුම ඉරලා පුච්චලා දානවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහ මැතිවරණය සඳහා තනිවම තරග කළද මන්ත්‍රී ධුර 20 – 25 ත් අතර ප්‍රමාණයක් දිනාගන්නා හෙයින් කිසිවෙකුටත් ශ්‍රීලනිපයේ බලය අවතක්සේරු කර කටයුතු කළ නොහැකි බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමට නම් කළයුත්තේ එක්ව තරග කිරීම බවත් එසේ අවශ්‍ය නොවන්නේ නම් එය සෘජුව ප්‍රකාශ කළයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර සම්බන්ධය ගොඩනැගී ඇත්තේ පෙද්ගලික විශ්වාසය මත පදනම්ව නොව ගිවිසුම් දෙකක් මත පදනම් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ගිවිසුමේ දෙපාර්ශ්වය එකඟ වී ඇති කරුණු වැරදි නම් එය පෙන්වා දෙන ලෙසත් එසේ නොමැති නම් මෙම ගිවිසුම් දෙක ඉරා දැමීමට හෝ පුච්චා දැමීමට හැකියාව තිබෙන බවත් වීරකුමාර දිසානායක මහතා පවසයි.

එවිට සියලු සම්බන්ධතා අවසන් වන බැවින් දෙපාර්ශ්වයටම තනි තනිව තීරණ ගෙන ඒ අනුව කටයුතු කළ හැකි බව ද ඔහු පවසා සිටී.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්