27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව දේශපාලන වියත්මග කුණු කූඩයට දමා සුපුරුදු දූෂිතයන්ටම ගෝඨාගෙන් අවස්තාව

දේශපාලනය යනු වෙනම වෘත්තියක් බවත්, එහිදී වඩා වැදගත් වන්නේ දේශපාලනය පුලුවන්ද යන්න මිස වියත් බව හෝ වෙනත් ක්ෂේත්‍රයක තිබෙන ප්‍රවීණත්වය හෝ නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

දේශපාලනඥයන්ට ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගැනීමට හැකියාව තිබිය යුතු බවත් එම ප්‍රශ්නවලට අවශ්‍ය පිළිතුරු හඳුනා ගැනීමට තරම් නිර්මාණශීලී වියයුතු බවත් උදය ගම්මන්පිල මහතා පවසයි.

එසේම එම පිළිතුරු ක්‍රියාත්මක කිරීමට තරම් හොඳ කොන්දක් මෙන්ම ඒවා අධීක්ෂණය කිරීමට හොඳ කළමනාකරණ හැකියාවක් තිබිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සුදුසුකම් තිබෙන ඕනෑම පුද්ගලයෙකුට දේශනපාලනයට පැමිණීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, නළුවෙකු, වියතෙකු, ව්‍යාපාරිකයෙකු හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු හෝ වුවද දේශපාලනය දැන දේශපාලනඥයෙකු වියයුතු බවත් උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

කෙසේ වෙතත් ඇතැමුන් චෝදනා කරන්නේ වියත්මග ඔස්සේ දේශපාලනයට පිවිසීමට අදහස් කරන්නන්ව දේශපාලනයෙන් අතුගා දැමීමේ මෙහෙයුමක් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල භාරගෙන ඇති බවයි. ඒ ඉදිරියේදී සුපුරුදු දූෂිතයන්ටම නාමයෝජනා දීමේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියා පිළිවෙතට සහාය දැක්වීම සඳහා බවද ඔවුන් පවසයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්