32 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් "ජනප්‍රියත්ව ඉහළ දාගන්න රාජ්‍ය නිලධාරිනියට සම්මානයක් දෙන්න"- වියතෙකුගෙන් ගෝඨාට උපදෙස්

මීගමුව ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියක් විනාශකිරීමට එරෙහිව රාජ්‍ය නිලධාරිනියක් විසින් ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසකට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දක්වන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි.

මේ පිලිබඳව අප කළ විමසා බැලීමේදී අනාවරණය වුණේ මීගමුව කලපු සංවර්ධනය පිලිබඳව අමාත්‍යවරයා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවති රැස්වීමකදී මෙම උණූසුම් තත්තවය ඇති වී තිබෙන බවයි.

මීගමුව කඩොලාන ආශ්‍රිත ප්‍රදේශයක අනවසරයෙන් ඉදි කිරීමට සැළසුම් කර තිබු ක්‍රීඩා පිටියක් සඳහා නීතිමය අවසරය ලබා ගැනීමේ අරමුණෙන් පසුගිය 10 වනදා මෙම මීගමුව කලපු සංවර්ධන රැස්වීම පවත්වා ඇත.

එහිදී ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු අමාත්‍ය කුමාර ගුණරත්න ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් විසින් මෙම ඉඩමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ගම්පහ අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇය කියා සිටියේ නීතියට පිටින් තමන්ට වැඩ කළ නොහැකි බවත් රජයේ වනාන්තර භූමියක් ක්‍රීඩා පිටියක් වෙනුවෙන් නිදහස් කළ නොහැකි බවත්ය.

කෙසේ වෙතත් එම ස්ථානයට රැස්ව සිටි පිරිස් ඇගේ ස්ථාවරයට එල්ල කළේ දැඩි විරෝධයකි. එහෙත් ඇය දිගින් දිගටම පෙන්වා දුන්නේ දැඩිව ඇතිව තිබෙන වනාන්තර හානිය හේතුවෙන් ඉදිරියේදී හුස්ම ගැනීමට පවා අපහසු විය හැකි බවයි. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේම ඇත්තේ ඉතා සීමිත වන භූමි ප්‍රමාණයක් බවද දැඩිව අවධාරණය කළ ඇය එම ඉල්ලීමට කිසි සේත්ම එකඟ වීමට නොහැකි බව පෙන්වා දුන්නාය.

මෙම සිදුවීම එම රාජ්‍ය නිලධාරිනියගේ නිර්භීතභාවය හේතුවෙන් සමාජ මාධ්‍ය වල දැඩි කතාබහට ලක්වන සිදුවීමක් නිසා ඇය ගෙන්වා ඇයට සම්මානයක් ලබා දීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ ජනප්‍රියත්වය තවදුරටත් ඉහළ නංවාගත හැකි බව වියතෙකු විසින් උපදෙස් ලබාදී තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අප්‍රේල් වෙනකම් වෙන්කළ මුදල් වලට රජය මොකද කළේ?

2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව...

එයාර් බස් ගනුදෙනුවෙන් හොරකම් කරපු කට්ටිය ගැන දැන් හෙළිවෙලා

තට්ටු මාරු ක්‍රමයට කෙරෙන හොරකම් නැවැත්වීමට නම් දෙපැත්තේම සිටින කම්බා හොරුන් මෙවර මහමැතිවරණයේදී පරාජය කිරීමේ වගකීම ජනතාව වෙත පැවරී ඇති බව එක්සත්...

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

පාඨක අදහස්