27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව උණුසුම් පුවත් රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට දීමේ තීරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට භාර දී ඇති හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම ලබන සතියේ සිදුකිරීමට නියමිතව තිබේ.

අදාළ හඬපට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින අතර ලබන සතියේ දී එම හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව පිළිබඳව කල් තැබීමේ විවාදය ලබන 18 සහ 19 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.

ඊයේ පැවති පක්ෂ නායක රැස්විමේ දී අදාළ විවාදයන් පැවැත්වෙන කාලසීමාව පිළිබඳව එකඟතාවන් ඇති කරගත් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව රජයේ ගෙවීම් සම්බන්ධයෙන් වන මුදල් රෙගුලාසී යෝජනාව සම්බන්ධයෙන් ද ලබන 20 වන දින පෙරවරුවේ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟතාව පල කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ කල් තැබිමේ විවාදය ද එදිනම පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර එයාර් බස් ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් ලබන 19 වන දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවා තිබේ.

ඊට අමතරව එදිනම විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

චිචී, නාමල් රැකියා නොකර අති සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන රහස හෙළිවෙයි

එයාර්බස් වංචාවේ ප්‍රධානම සැකකරුවෙකු වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමකින් බැර කරන ලද ඩොලර් ලක්ෂ 08ක මුදල නිමල් පෙරේරා ඉන් අනතුරුව කිෂන් බූටානි...

පාර්ලිමේන්තුව දින 9කින් ඈවර කරනවා

වත්මන් පාර්ලිමේන්තුව තවත් දින නවයකින් ඈවර කරදමනු ඇති අතර නවය සමහරුන්ට නපුරු විය හැකි බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (21)...

පාඨක අදහස්