27 C
Colombo
Monday, February 24, 2020
මුල් පිටුව දේශපාලන තුර්කි තානාපතිනිය හා අගමැති අතර හමුවක්

මෙරට තුර්කි නව තානාපතිනි ඩෙමෙට් සෙකර්සියෝග්ලු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදුව ඇති බවයි.

ආර්ථික, සංස්කෘතික, අධ්යායපනය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබද මෙහි දී සාකච්ඡා වී තිබේ.

නිදහසෙන් පසු ශ්‍රී ලංකාව සහ තුර්කිය විධිමත් රාජතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන ගොස් ඇති අතර 2008 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී තුර්කි රාජයේ සංචාරයක නිරත වු අතර එය මෙරට ජනාධිපතිවරයෙකු තුර්කියේ සංචාරය කළ පළමු අවස්ථාව ලෙස සැලකෙයි.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමට සහයෝගය ලබාදෙන ලෙස මෙහිදි අග්‍රාමාත්‍යවරයා තානාපතිවරියගෙන් ඉල්ලීමක් කර තිබේ.

තුර්කි ගුවන් සේවය දිනපතා ශ්‍රී ලංකාවට පියාසර කිරීමත් සමඟ තුර්කියේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවලින් ද සංචාරකයින් ආකර්ෂනය කරගැනීමට අවස්ථාවක් ලැබෙන බව අග්‍රාමාත්‍යවරය ප්‍රකාශ කර ඇත.

තුර්කි ජනාධිපති රිසෙප්ට් ටයිප් අර්ඩෝෂාන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට උණන්දුවක් දක්වන බව මෙහි දී තුර්කි තානාපතිවරිය විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

සුනාමියෙන් අනතුරුව 2005 වසරේ දී තුර්කි ජනාධිපතිවරයා මෙරට සංචාරයක නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ නිවාස 450කින් සමන්විත ගමක් ඉදිකිරීමට දායකත්වය ද ලබාදෙනු ලැබීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

අපි සයින්දමරුදු ගැසට් එක අත්සන් කළේ කියවල බලන්නේ නැතුව

සයින්දමරුදු බල ප්‍රදේශයෙහි නව නගර සභාවක් ස්ථාපනය කිරීම සඳහා ගැසට් නිවේදනය පසුගිය 14 වනදා නිකුත් කෙරුණු බවක් කැබිනට් මණ්ඩලය දැන සිටියේ නොමැති...

“රනිල් ආණ්ඩුව භාර දෙනකොට ගන්න එපා කියල මම කිව්වා”- මහින්දගෙන් ජනපතිට චෝදනා

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු රනිල් භාරදුන් ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ...

චිචී, නාමල් රැකියා නොකර අති සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන රහස හෙළිවෙයි

එයාර්බස් වංචාවේ ප්‍රධානම සැකකරුවෙකු වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ගිණුමකින් බැර කරන ලද ඩොලර් ලක්ෂ 08ක මුදල නිමල් පෙරේරා ඉන් අනතුරුව කිෂන් බූටානි...

පාර්ලිමේන්තුව දින 9කින් ඈවර කරනවා

වත්මන් පාර්ලිමේන්තුව තවත් දින නවයකින් ඈවර කරදමනු ඇති අතර නවය සමහරුන්ට නපුරු විය හැකි බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (21)...

පාඨක අදහස්