22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව උණුසුම් පුවත් නිලධාරිනිය කටයුතු කළ ආකාරය අගය කරනවා.. ඔහොම ඇමතියන්ට නොමිනේෂන් දෙන එකයි වරද

සනත් නිශාන්ත වැනි දේශපාලනඥයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කරගන්නේ ජනතාව විසින්ම බවත් එවැනි පුද්ගලයින්ට නාමයෝජනා නොදෙන්නේ නම් නාමයෝජනා දීමට කිසිවකු ඉතිරි නොවනු ඇති බවත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

කෙසේවෙතත් මීගමු කළපුවට අදාළ සිදුවීමේදී වනජීවී නිලධාරිනිය කටයුතු කළ ආකාරය නිවැරදි බව පැවසූ අමාත්‍යවරයා එහි සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බවයි අවධාරණය කළේ.

“වනජීවී ඉඩම් කෑල්ලක්, කිසිම අඟලක්වත් බෑ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ආපහු ගන්න. ඉතිං මං හිතන්නෙ සනත් නිශාන්ත ඇමතිතුමා වනජීවී පනත ගැන නොදන්නාකමට තමයි ඒ ඉල්ලීම කරන්න ඇත්තෙ. එතනදි වනජීවී නිලධාරීතුමියත් ඒ ඇත්ත තත්වය ප්‍රකාශ කළා. එතනදි ඇමතිතුමා සමඟ වෙච්චි සංවාදය පිළිබඳව මම කණගාටු වෙනවා විෂය භාර ඇමතිවරයා හැටියට.

අනවශ්‍ය විදියට ගොඩකිරීම් කවුරු හරි කරලා තියෙනවා නම් වනජීවී පනතට විරුද්ධව ඒ අවශ්‍ය රාජකාරිය කරන්න අපි පැකිළෙන්නෙ නෑ. එතුමිය කරපු වැඩේ හරියිනෙ. වැරදි නෑ. මෙව්වා ආරක්ෂා කරගන්න නිලධාරීන් ඉන්න ඕනෑ. නොදැනුවත් දේශපාලනඥයො ඉන්නවා නම් ඒ පිළිබඳ දැනුවත් කරන්න ඕනෑ.

කිසිම නිලධාරියෙකුට කිසිම දෙයක් කරන්න දෙන්නෙ නෑ, මම වගකීම බාරගන්නවා. මම වගකීම බාරගන්නවා ! හරි දේ කළා කියලත් මම වගකීම බාරගන්නවා” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම ඉදිරියේදී පත්වන්නේත් මෙම දේශපාලනඥයින් නොවේමදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා සිනාසෙමින් පිළිතුරු දුන්නේ “පත් කරන්නෙ ජනතාවනෙ. ඒ වගේ අයට නොමිනේශන් නොදී ඉන්නවා නම් කවුරුවත් ඉතුරු වෙන්නෙ නෑ” යනුවෙනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්