31 C
Colombo
Friday, August 7, 2020
මුල් පිටුව ආර්ථික ලෝක තෙල් මිල අඩු වෙද්දී නැවතත් ලංකාවේ තෙල් මිල ඉහළ දමන්න රජය...

ඉදිරි මහමැතිවරණයෙන් පසුව ඉන්ධන මිල 30%කින් සහ ජල ගාස්තු 20%කින් ඉහළ දැමීමට රජය අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇති බවට වෘත්තීය සමිති අනතුරු හඟවා සිටී.

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (12) රාජගිරියේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව අවධාරණය කළහ.

“ලෝක වෙළඳපොලේ අසීමිතව බොරතෙල් මිල අඩුවෙලා තියෙන්නෙ. මිල සූත්‍රය තිබුණා නම් දැන් තියන මිලට වඩා ඩීසල්, පෙට්‍රල් රුපියල් 11කින් අඩු කරන්න පුළුවන්.

මේ මොහොත වනවිට ආණ්ඩුව 92 ඔක්ටේන් පෙට්‍රල් වර්ගයෙන් රුපියල් 55ක් බදු ගන්නවා. 95 සුපිරි පෙට්‍රල් ලීටරයකින් රුපියල් 68ක් බදු ගන්නවා. සාමාන්‍ය ඩීසල් ලීටරයකින් රුපියල් 15ක් බදු ගන්නවා. සුපිරි ඩීසල් වලින් රුපියල් 35ක් බදු ගන්නවා.

ඊට අමතරව දැන් මොකද්ද මිල කියන එක එළියට නෑ. මේ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 ජුලි මාසෙදි තිබුණු මිල සූත්‍රය නැවැත්තුවා. ඒ සූත්‍රය නවත්තලා ඉන්දීය ලංකා ඔයිල් සමාගමට 8% බැංකු බැඳුම්කරයක් මත රුපියල් මිලියන 11,000ක් ගෙව්වා. ඒ වෙනකොට රජය ගෙවන්න තිබුණා තෙල් සංස්ථාවට මිලියන 34,000ක්. සත පහක් දුන්නෙ නෑ තෙල් සංස්ථාවට.

මේ නටන්නෙ ඡන්දෙ ඉවර වෙනකල් විතරයි ආණ්ඩුව. ඉන්ධන මිල වැඩිකිරීම සීයට තිහකින්වත් ඉක්මවනවා, වගකීමෙන් කියන්න ජල ගාස්තුව ආණ්ඩුව සීයට විස්සකින්වත් ඉක්මවනවා. ඒකෙ අනතුරු හැඟවීම වාසුදේව කළා ඇමතිවරයා. මේ ජල කප්පාදුව වෙන්නෙ හිඟයට වඩා බ්ලොක් කිරීමක්. හැම තැනම නඩත්තු කිය කියා ජලය කපනවා. එන්න එන්න නියඟය වැඩියි. එන්න එන්න ඉන්ධන භාවිතය වැඩිවෙලා තියෙනවා. ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ඒක හින්දා අපි රජයට බලකරනවා, විනිවිදභාවයෙන් කතා කරන්න, කරුණාකරලා මිල නියාමන කොමිසම පත් කරන්න” යනුවෙනුයි ජාතික සේවක සංගමයේ උප සංවිධායක ආනන්ද පාලිත මහතා එහිදී සඳහන් කළේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

LTTEයට මුදල් ලබාදුන් ටිරාන් අලස්ට පොහොට්ටුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු මේ වනවිට නම්කර තිබේ. ඒ අතරට මව්බිම පුවත්පතේ හිමිකරු හා අති විශාල...

පොහොට්ටුවෙන් ගොඩගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට මනාප නොදෙන්නැයි කෙතරම් ප්‍රචාර ගෙන ගියද ශ්‍රීලනිප අපේක්ෂකයන් 13...

අගමැති ඉරිදාත් කැබිනට් මණ්ඩලය සඳුදාත් දිවුරුම් දෙයි

පසුගිය 05 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (09) නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට...

ගම්මන්පිලට මනාප 62000ක් අහිමි වෙයි.. ව්‍යාජ දේශප්‍රේමී මාකට් එක හේදෙයි

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ මනාප සැලකිය යුතු ලෙස පහල ගොස් තිබේ.. දීර්ඝ කාලයක් කොළඹ...

පාඨක අදහස්