22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව දේශපාලන සලකුණ මාරු කරන්න රනිල්ගෙන් කොන්දේසි

නව සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් එකතු වන්නේ නම් අලියා ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීම ගැටළුවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ඊයේ රාත්‍රියේ පැවති රනිල් – සජිත් සාකච්ඡාවට පෙර තම හිතවතුන් පිරිසක් සමඟ මේ මාතෘකාව පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන් කර ඇත.

නව සන්ධානය, රාජපක්ෂ විරෝධී පුළුල් දේශපාලන පෙරමුණක් වශයෙන් ශ්‍රීලනිප, ජවිපෙ සමඟත් එක්ව ගොඩ නැඟෙන්නේ නම් අනිවාර්යයෙන්ම වෙනත් ලකුණක් යොදා ගැනීමට සිදුවන බව පෙන්වා දී ඇති ඒ මහතා එසේ නොමැති නම් අලියා ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීම තේරුමක් නොමැති බවයි අවධාරණය කර ඇත්තේ.

විශේෂයෙන්ම මෙම සන්ධානය තුළ සිටින්නේත් 2015 වසරේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග වැදුණු පක්ෂම නම් අලුතින් ලකුණක් අවශ්‍ය වන්නේ කුමකදැයි මේ මහතා විමසා ඇති බව සඳහන්.

නව සන්ධානය සඳහා හදවත ලකුණ යොදා ගැනීමට යෝජනා කර තිබෙන්නේ පාඨලී චම්පික රණවක මහතා විසින් වන අතර එම ලකුණ සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂය තුළම යම් සංවාදයක් මතුව තිබේ. මෙම ලකුණ තරුණ පිරිස් අතර යම් ජනප්‍රියතාවක් අත්කර ගත හැකි නමුත් ඡන්ද ලකුණක් වශයෙන් මෙම කොතරම් බැරෑරුම්ද, මෙය කොතෙක් දුරට සමාජය තුළ උපහාසයට ලක්විය හැකිද යන්න පිළිබඳව ද එහිදී ඔවුන්ගේ අවධානයට යොමුව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පෙර ලිපිය පෙන්වන්නනිලධාරිනිය කටයුතු කළ ආකාරය අගය කරනවා.. ඔහොම ඇමතියන්ට නොමිනේෂන් දෙන එකයි වරද
ඊළඟ ලිපිය පෙන්වන්නරවී මුදල් ඇමති ලෙස රජයේ මුදල් රු.කෝටි 1100ක් වංචා කළ බව වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්