22 C
Colombo
Wednesday, February 19, 2020
මුල් පිටුව දේශපාලන ශ්‍රීලනිපයේ කොන්දේසි අපිට අදාළ නෑ

පොහොට්ටුව ලකුණ යටතේ සියල්ලන් එක්ව තරග වැදීමේ ස්ථාවරයක් තම පක්ෂයට ඇතත් කිසිවකුගේ කොන්දේසිවලට යටත් වීමට තමන් සූදානම් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් ඇත්නම් ඔවුන්ට තනිවම තරගවැදිය හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

“ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වෙන්න අපි සූදානම් නෑ. පොහොට්ටුව සමඟ තරග කරන්න ඕනෙ කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඔවුන්ගේ විශ්වාසය තියෙන්නෙ ඔවුන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා නම්, ඒක නම් ඔවුන්ගේ ස්ථාවරය, ඔවුන් ඒ ස්ථාවරයේ ඉඳලා වෙනම තරග කිරීම සුදුසුයි.

ඔය කියන කණ්ඩායම් මේ වෙනකොට සමහර දවස්වල රාත්‍රියට විදේශ තානාපතිවරුන් එක්ක විවිධ හෝටල්වලට ගිහිල්ලා සාකච්ඡා පවත්වපු අවස්ථා තියෙනවා පෞද්ගලික මට්ටමෙන්.

පැවති ආණ්ඩුව තුළ හිටපු කිසිම දේශපාලනඥයෙක් අපි මැතිවරණය වෙනුවෙන් පමණක්ම ඒකරාශී කරගන්න සූදානම් නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ලංගම සේවකයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත ආයුධ

විවිධ වර්ගයේ ජීව පතුරොම් සහ ගිනි අවි දෙකක් නිවසෙහි සඟවා තිබු බව කියන ලංගම සේවකයෙකු හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ ඝනයේ අපරාධ සහ දූෂණ...

ඇමරිකානුවෙක් ලංකාවේ ජනාධිපති වීම පිළිබඳ සතුටුයි – ඇමරිකානු කොන්ග්‍රස් නියෝජිතයින් කියයි

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ. විවිධ මට්ටම්වල දේශපාලකයින් හමුවෙමින් ඔවුන් සාකච්ජා වල නිරත වේ.

ලොවපුරා ජනප්‍රිය ලංකාවේ ගොරකා පානය කොලොස්ටරෝල් මර්ධනයට දිව ඔසුවක්

සිලෝන් ගාසිනියා ගොරකා පානය අපේ රටේ දෙයක් වුවත් එම නිෂ්පාදන වැඩි වැඩියෙන් බටහිර රටවල වෙළෙඳපොළ කරා ඇදී යන්නේ අපේ රටේ මිනිසුන් එම...

පොහොට්ටුව ලොකුයි.. ඒ නිසා ලකුණ ගැන විවාදයක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වීම නරක දෙයක් නොවුණත් ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් පොදුජන පෙරමුණේ...

පාඨක අදහස්