31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් අන්තවාදය තවමත් සක්‍රීයයි

බහුතර සිංහල ඡන්දවල බලයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණියද තවමත් අන්තවාදය රටතුල ක්‍රියාත්මක වන බවත්, එය ඕනෑම මොහොතක හිස එසවිය හැකි බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

දළුලා වැඩෙන අන්තවාදී අංකුර මැඩලීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් බිහිකර ගැනීම සිංහල ජාතියේ ඊළඟ අභියෝගය බවයි ඥානසාර හිමි අවධාරණය කරන්නේ.

ඒ අනුව සිංහල ඡන්දවලින් සිංහල ජනාධිපතිවරයෙකු පත්කර ගත් අයුරින්ම බහුතර බලය සහිත ශක්තිසම්පන්න ආණ්ඩුවක් බිහිකර ගැනීමද බහුතර සිංහල ජනතාවගේ යුතුකම බව උන්වහන්සේ පෙන්වා දෙති.

ඥානසාර හිමි මේ බව සඳහන් කළේ බොදුබල සේනා සංවිධානය විසින් ඊයේ (12) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉදිරි මහ මැතිවරණයේදී දේශපාලනඥයින්ට මෙන්ම වියතුන්ටද පාර්ලිමේන්තුවට යාම සඳහා අවස්ථාව ලබාදිය යුතු බව පවසන ඥානසාර හිමි අවධාරණය කරන්නේ රාජ්‍ය පාලනය සඳහා වියතුන්ගේ දායකත්වය ලබාගැනීම අතිශය වැදගත් බවයි.

ඒ සඳහා බුද්ධි මණ්ඩලයක් පත්කර ඒ හරහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම වඩාත් උචිත බව ද ඥානසාර හිමි පෙන්වා දුන්හ.

පෙර ලිපිය පෙන්වන්නරවී මුදල් ඇමති ලෙස රජයේ මුදල් රු.කෝටි 1100ක් වංචා කළ බව වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි
ඊළඟ ලිපිය පෙන්වන්නරිට්ස් කාල්ටන් හා ජේඩබ්ලිව් මැරියට් හෝටල් ජාලය ශ්‍රී ලංකාවට

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විද්‍යා දැරියගේ ඝාතකයා නිදහස් කර ඇත්තේ පොලිස් පරීක්ෂකයෙක්

විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී...

කොළඹ පාසල් ළමුන්ට ‘ඉන්හේලර්’ ඔස්සේ මත්ද්‍රව්‍ය

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ඉන්හේල සහ ස්ප්‍රේ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන...

දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක...

“රතන හාමුදුරුවන්ගේ කපටිකමට ගරු කරන්න මට බෑ”- ඥානසාර හිමි

මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ...

පාඨක අදහස්