31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව උණුසුම් පුවත් වනාන්තර රකින්න ගිය නිලධාරිනියට එරෙහිව පරීක්ෂණයක්.. රැකියාවත් අනතුරේ

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සමග ‌නොබියව සිදුකළ සංවාදයක් මුල් කරගෙන රටේම ආදරය දිනාගත් ගම්පහ අඩවි වන නිලධාරී ‌දේවානි ජයතිලක මහත්මියට එරෙහිව ‌මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අපවෙත වාර්තා වේ.

ඒ, මීට ඉහත දී ගම්පහ අමිතිරිගල ප්‍රදේශයේ ගස් කැපීමක දී ඇතිවූ බහින්බස් විමක සිදුවීමක් නැවත විමර්ශනයට ගනිමිනුයි.

එම පැමිණිල්ල ස්වාමින් වහන්සේ නමක් විසින් සිදු කර තිබූ අතර මීට පෙර එම පැමිණිල්ල විභාග කළ නිලධාරීන් එහි වරදක් නොමැති බව පවසා විමර්ශන අවසන් කර තිබුණි.

රජයේ ඉහළ පෙළේ දේශපාලන චරිතයක් විසින් මෙම නිලධාරිනියට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. මීට ප්‍රධානම හේතුව වන්නේ රාජ්‍ය අමාත්‍ය වරයාගේ මතයට විරුද්ධ වෙමින් ඇය ක්‍රියාකළ ආකාරය නිසා ඇය රටේ ජනතාවගේ ආදරයට පාත්‍ර වීමත් අමාත්‍යවරයා මෝඩයෙකු ලෙස ජනතාව අතර ප්‍රචලිත වීමත් හේතුවෙනි.

ඇය ‘පණ්ඩිත ගෑණියෙකු’ කිහිප වරක්ම නම් කර ඇති ප්‍රබල දේශපාලන චරිතයක් ඇගේ රැකියාව අහිමි කිරීමේ අරමුණෙන් මෙම පරීක්ෂණය පවත්වන බව වාර්තා වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්