31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව උණුසුම් පුවත් "අපි වැදගත් දෙයක් කරන්න හැදුවහම තමයි පරිසරය මතක් වෙන්නේ"- ජනපති රාජ්‍ය නිලධාරිනියව...

මීගමුව ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියක් විනාශකිරීමට එරෙහිව රාජ්‍ය නිලධාරිනියක් විසින් ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසකට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දක්වන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි.

මෙම රාජ්‍ය නිලධාරිනියගේ හැසිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි විවේචනයට ලක්විය. “හොඳ වැඩක් කරන්න හදනකොට තමයි හැමෝටම පරිසරය මතක් වෙන්නේ. මීට කලින් පරිසරය විනාශ කරලා නැද්ද කවුරුත්? එතකොට දැන් කෑ ගහන රාජ්‍ය නිලධාරීන් කොහෙද හිටියේ?” යනුවෙන් චෝදනා කරමින් ජනපතිවරයා රාජ්‍ය නිලධාරිනියගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කර සිටියේය.

කෙසේ වෙතත් පරිසරයට දේශපාලකයන් සිදු කරන හානිය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද විරෝධය ප්‍රකාශ කරන්නට පටන් ගත්තේ අද ඊයක සිට නොවන බව ජනපතිවරයාට මතක නැත. ඇතැම්විට ඒ ඔහු මෙරට ජීවත් වුණේ නැති නිසා වන්නට ඇත.

ඇමරිකානු පුරවැසියෙකුට මෙරට කඩොලාන වලට ‘හෙන ගැහුවත්’ ඇති වැඩක් නැති බව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන බව මේ පිලිබඳ අදහස් දැක්වූ පරිසරවේදියෙකු සඳහන් කර සිටියේය. එහෙත් ඔහු පෙන්වා දුන්නේ මෙම සිදුවීම සිදුවන්නට සති කිහිපයකට පෙර ඇමරිකාවේ ප්‍රධානම රූපවාහිනී නාලිකාවක් වන CNN නාලිකාවේ පිරිසක් ලංකාවට පැමිණ මෙරට කඩොලාන වල වැදගත්කම හා ඒවා සිටුවන්නට ගන්නා වෙහෙස පිළිබඳව වාර්තාමය වැඩසටහනක් ද සිදුකළ බවයි. එම වාර්තාමය වැඩසටහන පහතින්,

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්