31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව ආර්ථික යහපාලන සංකල්පයක් මල්පල ගන්වමින් ලංකාවේ ප්‍රථම SUV රථය නිපදවේ

යහපාලන රජයේ සංකල්පයක් මත නිර්මාණය වූ මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් සමාගම එක්ව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ දී එකලස් කොට නිෂ්පාදනය කළ KUV100 NXT k6+ නවතම SUV රථය පසුගිය දා වැලිපැන්න MILPL අංගනෙය් දී මුල්වරට ධාවනෙය් යොදවන ලදී.

ශ්‍රී ලාංකික වාහන නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇති කරන්නට සමත් වූ ප්‍රමුඛ පෙළේ රථයක් වන මෙය වසර 3ක වගකීම/ කි.මී. 100,000 ක වගකීම මෙන්ම අයිඩියල් මෝටර්ස් දීප ව්‍යාප්ත සේවා ජාලය ද හේතුවෙන් පාරිභෝගිකයන්ට වඩාත් විශ්වාසයෙන් යුතුව මිල දී ගත හැකි රථයක් ලෙස ද හැඳින්විය හැකිය.

මහින්ද්‍රා සමාගම සහ අයිඩියල් මෝටර්හ් හවුල්කාරීත්වය ඇතිව නිර්මාණය කළ MILPL සමාගම සතු මහින්ද්‍රා වාහන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයක් ලෙස මෙය එළිදකී.

අන්තර්ජාතික සම්මතයන්ට හා වාහන නිෂ්පාදකයා විසින් අනුමිත ප්‍රමිතීන්ට අනුවම ශ්‍රී ලංකාවේ දී වාහන එකලස් කිරීමේ හැකියාව මෙහි පවතින අතර නවීන තාක්ෂණික යන්ත්‍රසූත්‍ර භාවිතයෙන් අංග සම්පූර්ණ වශයෙන් වාහන එකලස් කළ හැකි ශ්‍රී ලංකාවේ පළමු CKD වාහන කර්මාන්තශාලාව ද මෙය වේ.

නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත වැලිපැන්න වාහන කර්මාන්තශාලාවේ දී එකලස් කොට නිර්මාණය කෙරුණු KUV100 NXT ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ මෙම මාදිලියේ පළමු මෝටර් රථය වේ.

මෙම කර්මාන්තශාලාවෙන් වසරකට වාහන 5,000 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත.

KUV100 NXT k6+ නවතම SUV රථය රු. 3,050,000/- ක හඳුන්වා දීමේ මිලකට මිල දී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට දැන් උදා වී තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්