31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව දේශපාලන එජාප විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් අද(19) පැවැත්වෙයි. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහමැතිවරණය සඳහා තරග වදින්නේ කුමන ලාංඡනයකින්ද යන්න පිළිබඳව පසුගිය සතියේ දැඩි කතාබහකට ලක්වුණි.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සමගි ජන බලවේගය නමැති සන්ධානයෙන් හදවත ලකුණ යටතේ තරග කළ යුතු බවට යෝජනා කර තිබුණි.

කෙසේවෙතත් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය ඊට පළ කර තිබුණේ දැඩි විරෝධයකි.

මෙවන් පසුබිමක දෙපාර්ශ්වය අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි.

එහිදී දෙපාර්ශ්වයම එකඟ වී තිබෙන්නේ හංසයා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමටයි.

කෙසේවෙතත් අද පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්