31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව Uncategorized කාල්ටන් නිවස අසල නව අධිවේගී පිවිසුමක් ඉදිකිරීමෙන් රු. ලක්ෂ 465ක නාස්තියක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටස නොබෝ දිනකින් මහජනයාට විවෘත වනු ඇත. ඉන්පසු බෙලි අත්තේ සිට බරවකකුඹුර දක්වා වූ කි.මී 28ක් වූ කොටසද ඉදිකිරීම් අවසන් වෙමින් පවතී.

බෙලිඅත්තේ සිට බරවකකුඹුර දක්වා වූ කොටසේ අධිවේගී හුවමාරු මධ්‍යස්තාන 4කි. බෙලිඅත්ත, කසාගල, අඟුනුකොලපැලැස්ස, බරවකකුඹුර. මෙහි බෙලි අත්තේ සිට කසාගල දක්වා වූ දුර කි.මී 12කි.

මැදමූලන පිහිටි තම උපන් ගමට යාම සඳහා රාජපක්ෂවරුන්ට හට පහසු වී තිබුනේ මෙම බෙලි අත්ත හුවමාරුවෙන් පිටතට පැමිණීමෙනි. එහිදී ඔවුනට මැදමූලනට ලඟාවීම සඳහා යායුත්තේ කි.මී 16ක් පමණි.

නමුත් එම කි.මී 16 යාමට බෙලිඅත්තේ සිට පිටවීම මහා බරක් ලෙස දැනෙන්නට පටන් ගෙන ඇත්තේ නැවතත් ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුය. ඒ අනුව ඔවුන් නව රජයේ පත්වීමත් සමග මැදමූලන යාම සඳහාම නව අන්තර් හුවමාරු මාර්ගයක් කඩිමුඩියේ ඉදිකිරීමට උපදෙස් දී ඇත. මෙය බෙලිඅත්තේ සිට කසාගල අතර පිහිටි බැඳිගම හන්දියේ ඉදිකිරීමට පටන් ගෙන ඇත. මෙය ඉදිකිරීමෙන් පසු රාජපක්ෂවරුන් හට අධිවේගී මාර්ගයේ හුවමාරුවක සිට කි.මී 10ක් දුර ගෙවූ පසු තම ඉපන් ගම මැදමූලනට ලඟාවිය හැක.කිලෝමීටර් 04කින් පමණක් දුර අඩුකිරීම සඳහ රු. ලක්ෂ 465ක වියදමක් දරමින් නව අධිවේගී අන්තර් හුවමාරුවක් ඉදිකිරීම ජාතික අපරාධයකි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්