31 C
Colombo
Sunday, May 31, 2020
මුල් පිටුව උණුසුම් පුවත් රාජ්‍ය ආයතනවල ආරක්ෂාව මසකට ලක්‍ෂ 800ක් ගෙවන්න අධිචෝදනා ලත් පෞද්ගලික සමාගමකට පවරයි

රාජ්‍ය ආයතනවල ආරක්ෂක කටයුතුවල නිරතව සිටින සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් ඉන් ඉවත් කර ඒ රාජ්‍ය ආයතනවල ආරක්ෂාව රක්නා ලංකා සමාගමට පැවරීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිටත් කොළඹ නගරයේ පිහිටි රාජ්‍ය ආයතන 15 ක ආරක්ෂක කටයුතුවල නිරත වූ සිවිල් ආරක්ෂක සාමාජිකයන් 100 ක් පමණ ඉවත් කර තිබේ. තවත් 600 ක පමණ පිරිසක් ඉවත් කිරීමට නියමිත අතර මාර්තු 31 වැනිදා වනවිට ඔවුන් සියලු දෙනා රාජ්‍ය ආයතනවලින් ඉවත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව මාර්තු මාසයෙන් පසුව රාජ්‍ය ආයතනවල ආරක්ෂක කටයුතු සියල්ල රක්නා ලංකා ආරක්ෂක සමාගමට පැවරෙනු ඇත.

රක්නා ලංකා සමාගම යනු ඇවන්ගාඩ් සමාගම සමඟ එක්ව පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමු ඇතුළු වංචා රැසකට සම්බන්ධ දැනට අධිචෝදනා එල්ල වී ඇති නඩුවක චූදිත සමාගමකි.

මෙම සමාගම ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ විවිධ වංචා කටයුතු සඳහා යොදාගෙන තිබෙන අතර එම සමාගමේ ප්‍රධානීන් හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඇති සුහදතාවය මත පදනම් වී මෙම සමාගමට ආරක්ෂකයන් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත.

මේ සඳහා මසකට රජය විසින් මෙම පෞද්ගලික සමාගමට ගෙවිය යුතු මුදල රු ලක්‍ෂ 800ක් වන අතර ඒ සඳහා දැනට වැයවන වියදම රුපියල් ලක්ෂ 93ක් පමණකි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇමරිකාව යුද පිටියක් වෙයි.. ප්‍රාන්ත 16කට ඇඳිරි නීතිය පනවයි

අමෙරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරයෙක් වන මිනියාපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු ඉතා අමානුෂීය ලෙස ඝාතනය කිරිමේ සිද්ධියක් මුල්...

තොණ්ඩමාන් පවුල හමුවේ ජනපති නිවටයෙක් වෙයි.. කොරෝනා නීති උල්ලංඝණයට අවසර දීම ගැන වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට...

නිරෝධායනය නොවී අවමගුලට යන්න තොණ්ඩමාන්ගේ දියණියට ජනපතිගෙන් විශේෂ අවසරයක්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට නිරෝධායන නීති...

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට ජලශ්වා නෞකාව දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද (31) කොළඹ වරායට...

පාඨක අදහස්