31 C
Colombo
Saturday, March 28, 2020
මුල් පිටුව දේශපාලන ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ‘එය හරියට වැලි තලපවල වැලි නෑ වගේ, මාළු බනිසෙ මාළු නෑ වගේ’ යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

මෙලොව තිබෙන එකම ප්‍රජාතන්ත්‍රවාදී නොවන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව ද යම් දවසක රනිල් වික්‍රමසිංහ මහතා සිය කැමැත්තෙන් නායකත්වය අත්හළහොත් පමණක් සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකයා වියහැකි බව ද ගම්මන්පිල මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැලපෙන හොඳම අගමැතිවරයා සජිත් ප්‍රේමදාස මහතා බවට එජාපයේ ඇතැම් පුද්ගලයන් පසුගිය දිනවල ප්‍රකාශ කළ බව පෙන්වා දෙන ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසන්නේ එවැන්නක් සිදු වුවහොත් නයි – පොළොං සටනක් දකින්නට ලැබෙනු ඇති බවයි. එය පසුගිය කාලයේදී රටම දුටු රනිල් – මෛත්‍රී විකාර පාලනය වැන්නක් වන බැවින් නැවත වරක් රැවටීමට රටේ ජනතාව සූදානම් නොවනු ඇති බව ද ඔහු අවධාරණය කරනවා.

ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (24) සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බවත් එතෙක් තමන් ගෙනයන සටන අත් නොහරින බවත් මන්ත්‍රිවරයා අවධාරණය කරයි. ප්‍රහාරයෙන් අසාධාරණයට පත් වූ ජනතාවගේ පැත්තේ සිට සාධාරණය ඉටුවන තුරු සටන් කරන බවයි ඔහු පවසන්නේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

රතු පල්ලියේ යාච්ඥාව ගැන මුස්ලිම් කවුන්සිලයෙන් පැහැදිලි කිරීමක්

කොටුව රතු පල්ලියේ පැවති යාච්ඥාවකට සහභාගි වූ පුද්ගලයකුට කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වූ පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පැහැදිලි කිරීමක් එවා...

එළිසබෙත් රැජිණට කොරෝනා ආසාධනය වූ බවට වාර්තා වන පුවත් අසත්‍යයි

එළිසබෙත් රැජිනට කොරෝනා ආසාධනය වූ බවට පළවන වාර්තා සියල්ල අසත්‍යය. ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් මෙන්ම එතරම් ජනප්‍රිය නොවන විදෙස් වෙබ් අඩවි කිහිපයක්ද...

මාරවිල පුද්ගලයෙක් ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණීය ගොදුර බවට පත්වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග...

වේගයෙන්ම කොරෝනා වැළදී ඇත්දැයි සෙවිය හැකි යන්ත්‍රය ඇමරිකාව නිපදවයි

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 පිළිබඳ පරීක්ෂාව විනාඩි පහක් වැනි කෙටි කලකදී සිදුකිරීමේ හැකියාව ඇති උපාංගයක් නිපදවන්නට එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot...

පාඨක අදහස්