31 C
Colombo
Saturday, March 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී නාලිකාවේ හිමිකරු වන දිලිත් ජයවීර සතුවය.

රු.මිලියන 175ක් වටිනා මෙම අති නවීන මුද්‍රණාලය දිලිත් ජයවීර විසින් ලබාගත්තේ අර්ජුන් ඇලෝසියස් මුද්‍රණාලය ඉදිකිරීමට ගත් ණය මුදල වන රු. මිලියන 25 මහජන බැංකුවට ගෙවීමේ වගකීම තමන් වෙත පවරා ගනිමිනි.

රාජසන්තක වීමට ගිය මෙම මුද්‍රණාලය තමා වෙත පැවරුවහොත් ඉදිරි කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ අර්ජුන් අලෝසියස්ට කිසිදු හානියක් සිදු කිරීමට ඉඩ නොතබන බවට දිලිත් ජයවීර පොරොන්දු වී ඇත්තේ මිලියන 175ක මුද්‍රණාලය මිලියන 25කට තමා සතුකර ගතහැකි බැවිනි.

අර්ජුන් ඇලෝසියස් ණයක් ලෙස මිලියන 25කුත්, බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදලින් මිලියන 150කුත් යොදවා ඉදිකළ මුද්‍රණාලය දිලිත්ට දුන්නාට ඔහුට කිසිදු පාඩුවක් සිදුවුයේ නැත. දිලිත් පොරොන්දු වූ පරිදිම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වූ සැනින් අර්ජුන් අලෝසියස්ට ඇප ලබා දුන්නේය.

එසේම බැඳුම්කර මුදල් වලින් දැමූ මෙම මුද්‍රණාලයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිටපත් ලක්ෂ 35ක් පමණ මුද්‍රණය කර දුන්නේය. රාජපක්ෂවරුන් මොනතරම් කපටිද, යන්න මනාවට පැහැදිලි වන කරුණක් වන්නේ ඔවුන් සිදුකරන හොරකම් වලට පවා වෙනත් පුද්ගලයන් සම්බන්ධ කිරීමට ඔවුන්ගේ ඇති ශූර බව නිසාවෙනි. බැඳුම්කරයද එවැනි ශූර වැඩකි.

බැඳුම්කර වංචාව පමණක් නොව එයාර්බස් වන්චාවත් සිදුකර ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බව මේ වනවිට අනාවරණය වී තිබේ. මේ වංචාවන් සඳහා ලංකාවේ විශාලම ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින දිලිත් ජයවීර, රෙනෝද සිල්වා, ඇතුළු ප්‍රබල පුද්ගලයන් රාශියක් සම්බන්ධ කරගැනීමට තරම් රාජපක්ෂවරු ප්‍රවේශම් වී ඇත්තේ ඔවුන්ට වඩා හොඳට හොරකම් මෙහෙයවීමට මෙම ව්‍යාපාරිකයන්ට දැනුම ඇති බැවිනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මාරවිල පුද්ගලයෙක් ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණීය ගොදුර බවට පත්වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග...

වේගයෙන්ම කොරෝනා වැළදී ඇත්දැයි සෙවිය හැකි යන්ත්‍රය ඇමරිකාව නිපදවයි

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 පිළිබඳ පරීක්ෂාව විනාඩි පහක් වැනි කෙටි කලකදී සිදුකිරීමේ හැකියාව ඇති උපාංගයක් නිපදවන්නට එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot...

ජනතාව පාරවල් පුරා.. කැපකිරීම් වතුරේ

කොරෝනා (කොවිඩ්-19) වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් දුන් උපදෙස් නොතකමින් ජනතාව ඊයේ (27දා) පෙරවරුවේ මහමඟට පැමිණ ගමන් බිමන් යෑමට පටන් ගැනීම නිසා...

කොරෝනා වලින් මියයාමේ වැඩි සම්භාවිතාවක් ඇති නිසා වැඩිහිටියන්ට උපදෙස් මාලාවක්

Covid-19 වෛරසයේ ව්‍යාප්තිය සමග වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත් කර තිබේ. එහි...

පාඨක අදහස්