31 C
Colombo
Saturday, March 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ සැනින් චම්පික රණවක මහතාව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

ඒ අතරතුර එම රියදුරු තුසිත මහතාගේ බිරිඳ, බිලිඳු දියණිය හා මව මධ්‍යම රාත්‍රියේ පැහැරගෙන විත් ජයන්තිපුර ප්‍රදේශයේ රඳවාගෙන බියවද්දා තිබුණි. ඒ අදාළ වාහනය පදවන ලද්දේ තුසිත නොවන බවත් පාඨලී චම්පික රණවක මහතා බවත් කියමින් ප්‍රකාශයක් ලබාදෙන ලෙස බල කරමිණි. එහෙත් සිද්ධියට මාධ්‍ය අවධානය යොමු වීමත් සමඟ එම කාන්තාවන් දෙදෙනා හා දැරිය නිදහස් කර හැරීමට සිදුවිය.

පාඨලී චම්පික රණවක මහතාට ඇප හිමිවීමත් සමඟ නැවත වතාවක් අත්අඩංගුවට ගත් තුසිත රියදුරු මහතාට බන්ධනාගාරය තුලදී තර්ජනය කළ පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ වාහනය පදවන ලද්දේ චම්පික රණවක මහතා බව ප්‍රකාශ කරන ලෙසයි. එසේ කළහොත් රු ලක්ෂ 50ක මුදලක් ලබාදීමට නිශ්ශංක සේනාධිපති මහතා එකඟ වී තිබෙන බවත් එකඟ නොවුණහොත් නුදුරේදීම බිරිඳට හෝ දරුවාට අනතුරක් විය හැකි බවටත් තර්ජනය කර ඇත.

එල්ල වූ තර්ජනත් සමඟ කිසිවක් නොමැතිව මෙවන් ප්‍රකාශයක් ලබා දෙනවාට වඩා රු. ලක්ෂ 50 ලබාගෙන ප්‍රකාශය ලබාදීම හොඳ යයි සිතු තුසිත පළමුව උසාවියට රහස් ප්‍රකාශයක් ලබාදුන්නේ රු. ලක්ෂ 20ක මුදලක් ඔහුට හිමි වූ පසුය.

ඉතිරි කොටස ලබාදීම සඳහා තවත් සති කිහිපයක් ගත වූ අතර මෙම මස මස මැද භාගයේදී ඔහුගේ බිරිඳගේ ගිණුමකට තවත් ලක්ෂ 30ක් බැර වී ඇත්තේ උසාවි දිනයේදී සියල්ලන් ඉදිරියේ පාඨලී මන්ත්‍රීවරයා රිය පැදවූ බව පවසන ලෙසට ඔහුට නියෝග කරමිනි.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යමින් මෙරට ඉතිහාසයේ සිදු වූ අති දැවැන්තම වංචාවන් රැසක මහා මොළකරු වන නිශ්ශංක සේනාධිපතිගේ වංචා හෙළි කිරීමෙහිලා විශාල මෙහෙයක් කළ පාඨලී චම්පික රණවක මහතාගේ දේශපාලන ජීවිතය සම්පූර්ණයෙන්ම අවසන් කරන බවට නිශ්ශංක සේනාධිපති අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණි. ඒ සඳහා පළමුවැනි පියවර ලෙස ඔහු පාඨලීගේ රියදුරුට ලක්ෂ 50ක් ගෙවා ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔහුව පොළඹවා ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වේගයෙන්ම කොරෝනා වැළදී ඇත්දැයි සෙවිය හැකි යන්ත්‍රය ඇමරිකාව නිපදවයි

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 පිළිබඳ පරීක්ෂාව විනාඩි පහක් වැනි කෙටි කලකදී සිදුකිරීමේ හැකියාව ඇති උපාංගයක් නිපදවන්නට එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot...

ජනතාව පාරවල් පුරා.. කැපකිරීම් වතුරේ

කොරෝනා (කොවිඩ්-19) වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් දුන් උපදෙස් නොතකමින් ජනතාව ඊයේ (27දා) පෙරවරුවේ මහමඟට පැමිණ ගමන් බිමන් යෑමට පටන් ගැනීම නිසා...

කොරෝනා වලින් මියයාමේ වැඩි සම්භාවිතාවක් ඇති නිසා වැඩිහිටියන්ට උපදෙස් මාලාවක්

Covid-19 වෛරසයේ ව්‍යාප්තිය සමග වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත් කර තිබේ. එහි...

කළුතර ගමක් සම්පූර්ණයෙන් වසා දමයි

කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය ඊයේ (27) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. ඒ නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින්. මෙම ගමේ...

පාඨක අදහස්