31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් උදයංග වීරතුංග 11 දක්වා සැප වාට්ටුවට

මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අදාල නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැදවනු ලැබුවේය.

එහිදී උදයංග වීරතුංග මහතා වෙනුවෙන් සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.

ඒ අනුව උදයංග වීරතුංග මහතා ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මිග් යානා වංචාව සම්බන්ධයෙන් පසුගිය 14 වනදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු උදයංග වීරතුංගව එම රාත්‍රියේම බන්ධනාගාර රෝහල වෙත යැවීම සඳහා නිර්දේශ කිරීමට ඒ මොහොතේ නිවාඩු පිට සිටි වෛද්‍යවරයකුව විශේෂයෙන් බන්ධනාගාරය වෙත ගෙන්වාගෙන තිබූ බවද මීට පෙර හෙළිදරව් විය.

ඒ අනුව ඔහුව දිගටම බන්ධනාගාර රෝහලේ සැප පහසුකම් සහිතව තබාගෙන සිටින බව වාර්තා වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්