31 C
Colombo
Sunday, July 12, 2020
මුල් පිටුව ක්‍රීඩා ශ්‍රී ලංකාවේ වාර්තාගත ඉණිමට කොදෙව්වන්ගෙන් ප්‍රබල පිළිතුරක්

ශ්‍රී ලංකාවේ වාර්තාගත ඉණිමට කොදෙව්වන්ගෙන් ප්‍රබල පිළිතුරක්

අවිෂ්ක ප්‍රනාන්දු (127) සහ කුසල් මෙන්ඩිස් (119) ගොඩනැගූ තෙවැනි කඩුල්ලේ වාර්තාගත සම්බන්ධතාව නිසා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ (දිවා රාත්‍රී) පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු අටක් දැවී ලකුණු 345 ක් රැස්කිරීමට සමත් විය.

කොදෙව් පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 6.92 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 346 ක් රැස්කළ යුතු විය.

කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ප්‍රනාන්දු තෙවැනි කඩුල්ලට පන්දු 227 කින් ගොඩනැගූ ලකුණු 239 ක සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා පිල දැවැන්ත ශක්තියක් ලැබීය. කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක හොඳ පන්දුවට ලෝන් ඕන් සහ ඕෆ් කලාපවලින් එක ලකුණ බැගින් එකතු කරමින් මෙම සම්බන්ධතාව ගොඩනැගීම කැපී පෙණිනු අතර පසුව එම දෙදෙනාම කඩුල්ල විවර කර පහර කරා යොමුවූහ.

මෙය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ තුන්වැනි ඉහළතම සම්බන්ධතාව වේ.

උපුල් තරංග සහ සනත් ජයසූරිය 2006 වසරේ එංගලන්තයට එරෙහිව ගොඩනැගූ ලකුණු 286 ද, උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ෂාන් 2011 වසරේ සිම්බාබ්වේට එරෙහිව ගොඩනැගූ ලකුණු 282 ක ද, සම්බන්ධතා මෙම සම්බන්ධතාවට ඉහළින් තිබේ.

කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක මෙම සම්බන්ධතාවත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයකදී තෙවැනි කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාවේ වසර 20 ක් පැරණි වාර්තාව බිඳ දැමීමට සමත් වූහ. මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන ඉන්දියාවට එරෙහිව සාජාහිදී 2000 වසරේ ලකුණු 226 ක සම්බන්ධතාවක් පවත්වමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි. මෙම සම්බන්ධතාව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙපළක් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට එරෙහිව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළතම සම්බන්ධතාවද වේ.

මාවන් අතපත්තු සහ මහේල ජයවර්ධන 2001 වසරේදී ලකුණු 187 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් වසර 19 ක කාලයක් එම වාර්තාවට හිමිකම් කීහ.

අවිෂ්ක ප්‍රනාන්දු අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 123 කින් ලකුණු 127 රැස්කරමින් සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. අවිෂ්කගේ ඉනිම හතරේ පහර 10 කින් වර්ණවත් විය. මෙම ශතකය අවිෂ්කගේ දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි.

අවිෂ්ක හයේ පහරක් සඳහා කළ උත්සාහයේදී හතරේ සීමාව ආසන්නයේදී රැකගත් උඩපන්දුවකින් දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිමට හයේ පහරක් ඇතුළත් නොවීය. හතරේ සීමාව තරමක් දුර වීම හයේ පහර සටහන් නොවීමට ප්‍රධාන හේතුව බවට පත්විය.

කුසල් මෙන්ඩිස් පන්දු 119 කින් හතරේ පහර 12 ක් සමගින් ලකුණු 119 ක් රැස්කිරීමට සමත් විය. මෙය කුසල්ගේ දෙවැනි එක්දින ජාත්‍යන්තර ශතකය වේ.

ශ්‍රී ලංකා පිල 20 වැනි ඕවරය අවසන් වන විට ලකුණු 107 ක් රැස්කර සිටියේය.

කුසල් මෙන්ඩිස් ලකුණු දෙකක් ලබා සිටියදී ජේසන් හෝල්ඩර් යැවූ ඉනිමේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට පළමු ස්ලියිප්හි පන්දු රැකිමින් සිටි කිරන් පොලාඞ්ට ලබාදුන් පහසු උඩ පන්දුව බිම දැම්මේය. එය රැකගත්තේ නම් තව දුරටත් ශ්‍රී ලංකා පිල පීඩනයට පත්කිරීමේ අවස්ථාව මඟ හැරුණි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවර 10 තුළදී කොදෙව් පන්දු රැකීම වඩාත් පහතට වැටී තිබුණු අතර එම කාලය තුළ පහසු උඩ පන්දු කීපයක් ගිලිහුණි.

කුසල් පෙරේරා පළමු පන්දුවේදීම දැවී යෑමෙන් ලකුණු නවයකට කඩුලු දෙකක් බවට පත්ව ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටුණි.

නායක දිමුත් කරුණාරත්න ලකුණක් පමණක් ලබා සිටියදී තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට එළවා ගොස් පහරක් ගැසීමට ගොස් දැවී ගියේය.

මෙම තරගය ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේදී සහභාගි වන 100 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වන අතර කුසල් පෙරේරාගේ 100 වැනි එක්දින ජාත්‍යන්තර තරගය ද වේ.

පළමු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව මෙම තරගයට ද සහභාගි විය. කොදෙව් පිලේ හේඞ්න් වෝල්ෂ්ගේ ස්ථානයට ෆැබියන් ඇලන් කැඳවා තිබුණි.

කොදෙව් නායක කරන් පොලාඞ් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

කෙසේ වෙතත් මේ වනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 17ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 82ක් ලබා ප්‍රබල තත්වයක පසුවෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇට්ටර ට්‍රම්ප් පළමු වරට මුව ආවරණ පළඳියි

Covid 19 වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණයක් පළඳ පැමිණ තිබේ. ජනාධිපති ට්‍රම්ප් මෙලෙස මුහුණු ආවරණයක්...

“මෙය පාලනය කළ හැකියි”- අනිල් ජාසිංහ

Covid 19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ...

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ටත් කොරෝනා

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට වාර්තා වේ. ඒ මහතාගේ නිල ට්විටර් වෙබ් අඩවියේ මීට නිකුත් කල...

“මාධ්‍යවේදියාට හිරිහැර කළේ පෙනුම හරි නැති නිසා”- නියෝමාල් රංගජීව

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම, ඔහුට හිරිහැර කිරීම සම්බන්ධයෙන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව...

පාඨක අදහස්