31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව ක්‍රීඩා හම්බන්තොට ක්‍රිකට් තරඟය බලන්න ගිය ප්‍රේක්ෂකයන්ට හමුදාව යොදවා පහර දෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (26) පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් පිරිසකට යුධ හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම තරගය නැරඹීම සඳහා විශාල උද්‍යෝගයක් ප්‍රේක්ෂකයින් තුළ තිබුණු අතර ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් සේවක පිරිසක් යොදවා නොතිබුණු බැවින් ක්‍රීඩාංගණයේ පිවිසුම් ගේට්ටුව අසල යම් නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව තිබිණි.

එහිදී තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මෙන්ම යුධ හමුදාව ද කැඳවා තිබුණු අතර හමුදා සාමාජිකයින් ප්‍රේක්ෂකයින්ට පන්න පන්නා පහරදෙන ආකාරයත් ප්‍රේක්ෂකයින් “ගහන්න එපා දෙයියනේ” කියමින් කෑ ගසන දැකගත හැකිවිය.

ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවාගෙන, ශ්‍රී ලංකා ජාතික කොඩියේ පාට මුහුණේ පින්තාරු කරගෙන, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයඝෝෂා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීම සඳහා පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පන්න පන්නා පහරදීම ශ්‍රී ලංකා යුධ හමුදාවට අභිමානයක්ද හෝ ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ගුටි කෑම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අභිමානයක්දැයි අප දන්නේ නැත.

රථ වාහන හැසිරවීමේ පටන් සිවිල් රාජකාරි සඳහා හමුදාව යෙදවීමෙන් අනාගතයේදී ලැබෙන්නේ කුමක්ද යන්නට මේවාත් උදාහරණ වනු ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්