31 C
Colombo
Sunday, May 31, 2020
මුල් පිටුව දේශපාලන පාර්ලිමේන්තුව විසුරුවාහැරියොත් 62කට විශ්‍රාම වැටුප නෑ

වත්මන් පාර්ලිමේන්තුවට මේ වනවිට අවුරුදු හතරහමාරක් සම්පූර්ණ වී ඇති අතර, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරවා හැරීමට ජනාධිපතිවරයාට බල තල හිමිව තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 62කට විශ්‍රාම වැටුප අහිමි වන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හිමිවන විශ්‍රාම වැටුප පනත් කෙටුම්පතකින් සම්මත වී ඇති බවත්, එලෙස විශ්‍රාම වැටුප ලබාදීමට මන්ත්‍රීවරුන් අවුරුදු පහක් සම්පූර්ණ කර තිබිය යුතු බවට එම කෙටුම්පතේ සඳහන් වන බවත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව අවුරුදු පහ සම්පූර්ණ වීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නම්, මෙවර 08 වැනි පාර්ලිමේන්තුවට පත් වූ නවක මන්ත්‍රීවරුන් හට විශ්‍රාම වැටුප හිමි නොවන අතර, 08 වැනි පාර්ලිමේන්තුවට පෙර සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් හට විශ්‍රාම වැටුප හිමි වන බවද හෙතෙම පවසා සිටියේය.

කෙසේ වෙතත් අවුරුදු පහ සම්පූර්ණ කර ඇති මන්ත්‍රීවරුන් හට පාර්ලිමේන්තුව විසුරුවන දින සිට විශ්‍රාම වැටුප හිමි වන බවත්, ඒ සඳහා මන්ත්‍රීවරුන්ට වයස් සීමාවක් අදාළ නොවන බවත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නිරෝධායනය නොවී අවමගුලට යන්න තොණ්ඩමාන්ගේ දියණියට ජනපතිගෙන් විශේෂ අවසරයක්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට නිරෝධායන නීති...

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට ජලශ්වා නෞකාව දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද (31) කොළඹ වරායට...

එජාපය ක්‍රියාවට නංවන්නේ පක්ෂය තුළ ගන්නා තීන්දු තීරණ පමණයි

එක්සත් ජාතික පක්ෂය ක්‍රියාවට නංවන්නේ පක්ෂය තුළ ගන්නා තීන්දු තීරණ පමණක් බව එම පක්ෂයේ උප නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා...

නිවස ගන්න නංගීව ඝාතනය කළ හැටි අක්කා පාපොච්චාරණය කරයි

වැල්ලවාය, ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ නයිගල් ආර ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී තරුණියක් ඝාතනය කර ඇත. සිද්ධියට සැකපිට ඝාතනයට ලක්වු තරුණියගේ එක...

පාඨක අදහස්