31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව ක්‍රීඩා ශ්‍රී ලංකාවට ලකුණු 6ක තියුණු ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 6ක තියුණු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙැවැනි එක්දින තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.

මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු 307ට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට රැසකළ හැකිවූයේ ලකුණු 301ක් පමණි.

මෙම තරගයේ ජයත් සමගින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය.

සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට පන්දුවාර 50 ඇවසානයේ සියල්ලන් දැවී ලකුනු 307 ක් රැස් කළහ. කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තෙවැනි හා අවසන් එක්දින තරගය ලෙස මෙය මහනුවර පල්ලේකැලේ පිටියේදී අද (01දා) පැවැත්වූයේ දිවා රාත්‍රී තරගයක් ලෙසිනි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව අඛණ්ඩව ලකුනු 300 සීමාව ඉක්මවූ දෙවැනි අවස්ථාව මෙය විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුනු 55 ක් හා ධනංජයද සිල්වා ලකුනු 51 ක් රැස් කළහ. පන්දු යැවීමෙන් ඇලසාරි ජෝශප් කඩුළු 4 ක් කොදෙව් ඉනිම වෙනුවෙන් දවාලීය. මෙම තරගාවලිය දැනටමත් තරග 2-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව ජයගෙන ඉදිරියෙන් සිටියි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව 307/10 (පන්දුවාර 50)

කුසල් මෙන්ඩිස් 55 (48, 4×6,6×1), ධනංජයද සිල්වා 51 (47, 4×5), කුසල් ජනිත් පෙරේරා 44 (55, 4×4), දිමුත් කරුණාරත්න 44 (54, 4×5), තිසර පෙරේරා 38 (31, 4×2), අවිශ්ක ප්‍රනාන්දු 29 (34, 4×5)

බ.ඉ.කොදෙව් පන්දු යැවීම

ඇලසාරි ජෝශප් 4/65 (පන්දුවාර 10), ජේසන් හෝල්ඩර් 2/68 (පන්දුවාර 10),රොස්ටන් චේස් 1/51 (පන්දුවාර 10), කිරන් පොලාඩ් 1/36 (පන්දුවාර 7), ෂෙල්ඩන් කොට්‍රල් 1/58 (පන්දුවාර 10)

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගාවලිය දැනටමත් 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. මෙම තරගයටද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව අවසන් වෙයි.

කොදෙව් කණ්ඩායම කීමෝ පෝල් වෙනුවෙන් එච්. වෝල්ස් කණ්ඩායමට කැඳවා තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්