31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව ආර්ථික කැසිනෝ, දුම්වැටි හා මත්පැන් ව්‍යාපාරික බදු අඩුකර පෙට්‍රල් හා ඩීසල් ලීටරයකින් රු....

ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ඉතාමතම පහළ ගොසිනි. පසුගිය ආණ්ඩුව හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව පෙබරවාරි මාසයේ තෙල් මිල අඩුවීමක් සිදුවුයේ නැත.

2020 පෙබරවාරි 26 මිල ගණන් අනුව පෙට්‍රල් 92 බැරලයක මිල ඩොලර් 60.040 ක් වන අතර පාරිතෝෂිකය (Premium) ඩොලර් 3.456කි. පෙට්‍රල් 95 බැරලයක මිල ඩොලර් 61.970ක් හා පාරිතෝෂිකය ඩොලර් 3.876කි (ඩොලරයක වටිනාකම රු. 182). එවිට පාරිතෝෂිකයද ඇතුලත්ව,

පෙට්‍රල් 92 බැරලයක මිල ඩොලර් 63.498 (රු.11,557 කි)
පෙට්‍රල් 95 බැරලයක මිල ඩොලර් 65.846 (රු.11,984 කි)

මෙලෙස ගණන් බැලු විට,

සාමාන්‍ය ඩීසල් බැරලය ඩොලර් 63.460 (රු.11,550)
සුපර් ඩීසල් බැරලය ඩොලර් 64.200 (රු.11,686)

මේ අනුව ගත් කල වරායේදී

පෙට්‍රල් 92 ලීටරයක් – රු.72.68
පෙට්‍රල් 95 ලීටරයක් – රු.75.37

සාමාන්‍ය ඩීසල් ලීටරය – රු.72.64
සුපර් ඩීසල් ලීටරය – රු.73.50

මෙයට ජැටියේ නල පද්ධති ගාස්තු, CPSTL ගබඩාකරණ ගාස්තු 2%, තෙල් සංස්ථාවේ පරිපාලන හා ප්‍රවාහන ගාස්තු 5%, විකුණුම්කරුගේ වට්ටම 2%, ආදී ලෙස අනෙකුත් බදු හා අතිරේක ලාභ ගෙවන වියදම් පවතී. ඒ අනුව ආසන්නයෙන් ගත් කල,

පෙට්‍රල් 92 ලීටරයක් – රු.83.00
පෙට්‍රල් 95 ලීටරයක් – රු.85.00

සාමාන්‍ය ඩීසල් ලීටරය – රු.82.00
සුපර් ඩීසල් ලීටරය – රු.84.00 ක් පමණ වේ.

නමුත් මේවා ආණ්ඩුව විසින් මේ වනවිට විකුණන මිල,

පෙට්‍රල් 92 ලීටරයක් – රු.137.00
පෙට්‍රල් 95 ලීටරයක් – රු.161.00

සාමාන්‍ය ඩීසල් ලීටරය – රු.104.00
සුපර් ඩීසල් ලීටරය – රු.132.00 ක් වේ.

මේ අනුව ආණ්ඩුව සියලු වියදම් කපාහැරීමෙන් අනතුරුව

සෑම පෙට්‍රල් ලීටරයකින්ම රු. 54.00 ක් ද,

සෑම ඩීසල් ලීටරයකින්ම රු. 22.00 ක්ද උපයා ගනී.

මේ අනුව බැලූ කල කැසිනෝ ව්‍යාපාරිකයන්ට, දුම්වැටි හා මත්පැන් ව්‍යාපාරිකයන්ට, ධන කුවෙරයන්ට බදු සහන දීම සඳහා සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන ඉන්ධන වලින් ඉතා සාපරාධී ලෙස, අසාධාරණ ලෙස දැවැන්ත බද්දක් අය කරමින් ජනතාව සූරාගෙන කෑමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු කුණු කූඩයට දැමීමකි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්