31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් ප්‍රංශයේ ඇමතිවරයෙක්ට කොරෝනා වෛරසය වැළදෙයි

ප්‍රංශයේ ඇමතිවරයෙක්ට කොරෝනා වෛරසය වැළදෙයි

ප්‍රංශයේ සංස්කෘතික ඇමතිවරයා වන ෆ්‍රෑන්ක් රිස්ටර් කොවිඩ්-19 වෛරසය වැළඳුණු නවතම දේශපාලනඥයා බවට පත්ව ඇති බව වාර්තා වේ. ෆ්‍රෑන්ක් රයිස්ටර් මහතා නිවසේ විවේක ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් බීඑෆ්එම් රූපවාහිනිය පැවසීය.

ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු කොවිඩ්-19 වෛරසයෙන් පෙළෙන බව සඳුදා මාධ්‍ය වාර්තා කර ඇති අතර, ප්‍රංශයේ වෛරසය වැලදුණ පිරිස අතරට රාජ්‍ය සභා ආපනශාලාවේ කාර්යයේ නියුතු සේවකයකුද ඇතුළත් බව ද වාර්තා වේ.

රයිස්ටර් මහතා ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනාගෙන් එක් අයෙකුගෙන් වෛරසය වැළඳී ඇති බව සංස්කෘතික අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ ආසාදිත ඇමතිවරයා අවසන් දින කිහිපයකට පෙර ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හමු වී ඇත.

පැරිස් ගුවන්තොටුපල මෙහෙයුම්කරු ඒඩීපී හි ප්‍රධාන විධායක නිලධාරී ඔගස්ටින් ඩි රොමානෙට් ද වෛරසය සඳහා ධනාත්මක බව පෙන්වා කර ඇති අතර ඔහු නිවසේ සිට වැඩ කරමින් සිටින බව ප්‍රකාශකයෙක් මීට පෙර ප්‍රකාශ කළේය.

වෙනත් කිසිදු රජයේ නිලධාරියෙකුට තවමත් වෛරසය ආසාදනය වී ඇති බව සොයාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වේරන් මහතා පැවසීය. ඔහු තවදුරටත් කියා සිටියේ පසුගිය සති දෙකක කාලය තුළ කිසිවෙකු කැබිනට් රැස්වීම්වලදී අතට අත දීම් සිදු නොකළ බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්