31 C
Colombo
Sunday, May 31, 2020
මුල් පිටුව උණුසුම් පුවත් රාජිතගේ ඇප අවලංගු කිරීමේ ඉල්ලීම සලකා බැලීමට තීරණය කෙරේ

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන ප්‍රතිශෝධනය පෙත්සමේ තීන්දුව ලබන 16 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ(10) නිවේදනය කළේය.

මෙම පෙත්සම ඊයේ දින කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ඉදිරිපත් කළ නීතිපතිවරයාගේ පාර්ශවය සහ වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාගේ පාර්ශවයේ නීතිඥවරුන් විසින් දේශන ඉදිරිපත් කිරීම් අවසන් කළහ.ඉන්පසුව එම පෙත්සම පිළිබඳව තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 16 වනදා සිදු කරන බව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් සඳහන් කර සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමේ දී අධිකරණය විසින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් සැලකිල්ලට භාජනය නොකළ බවයි. අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව දින කිහිපයක් අධිකරණය මගහැර සැඟවී සිට පසුව කොළඹ, නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ඇතුළත් වීමෙන් පසුව රහස් පොලිසිය විසින් සැකකාර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගත් බවත් මෙලෙස අධිකරණය මගහැර සැඟව සිටි වරෙන්තුකරුවෙකුට ඇප ප්‍රදානය කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය ඇප පනතේ විධිවිධානයන්ට පටහැනි බව ද එම ප්‍රතිශෝධන පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට පෙර මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු රැඳී සිටින රෝහලෙන් කිසිදු වෛද්‍ය වාර්තාවක් කැඳවා විමර්ශනයක් නොකළ බවත් සැකකරුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් කැඳවන ලෙස පැමිණිල්ල විසින් කළ ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය විසින් බැහැර කළ බවක් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම තුළින් චෝදනා කර තිබේ.

ඒ අනුව අධිකරණය මඟහැර සැඟව සිට රෝහල්ගත වීමෙන් පසුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ප්‍රදානය කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන නීතිපතිවරයා එබැවින් එම අධිකරණය හමුවේ පවතින නඩු ගොනුව කැඳවා පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස ද කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා ඇත. එසේම ඉකුත් දෙසැම්බර් මස 30 වනදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශ කිරීමට යෙදුණු ඇප නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස ද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පෙනී සිටියේය. වගඋත්තරකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇමරිකාව යුද පිටියක් වෙයි.. ප්‍රාන්ත 16කට ඇඳිරි නීතිය පනවයි

අමෙරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ ප්‍රධාන නගරයෙක් වන මිනියාපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු ඉතා අමානුෂීය ලෙස ඝාතනය කිරිමේ සිද්ධියක් මුල්...

තොණ්ඩමාන් පවුල හමුවේ ජනපති නිවටයෙක් වෙයි.. කොරෝනා නීති උල්ලංඝණයට අවසර දීම ගැන වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පාර්ශ්වයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට...

නිරෝධායනය නොවී අවමගුලට යන්න තොණ්ඩමාන්ගේ දියණියට ජනපතිගෙන් විශේෂ අවසරයක්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට නිරෝධායන නීති...

ඉන්දියානුවන් 700ක් රැගෙන යාමට ජලශ්වා නෞකාව දිවයිනට

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් රැගෙන යාම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් අද (31) කොළඹ වරායට...

පාඨක අදහස්