31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව තාක්ෂණික අත් වගේම දුරකථනත් විෂබීජ හරණය කරන්න

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ පියවර අතර ජංගම සහ ස්ථාවර දුරකථන නිරන්තරයෙන් විෂබීජහරණය කර පිරිසුදුව තබා ගැනීම ද අතිශය වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කරයි.

මාධ්‍යවේදීන් කරන ලද විමසීමකදී එම කාර්යාලයට අනුයුක්ත වෛද්‍යවරියක ප්‍රකාශ කරන ලද්දේ ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන නිරන්තරයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසුදු කිරීමට කටයුතු කළ යුතු බවයි.

විශේෂයෙන්ම බොහෝ දෙනකු භාවිතයට ගන්නා කාර්යාල පරිශ්‍රවල ඇති ස්ථාවර දුරකථන ඔස්සේ වෛරසය ආසාදනය වීමේ හැකියාව පවතින බවද පැවසූ ඇය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.

‘ජංගම දුරකථන නම් බොහෝ විට තමන් පමණයි පාවිච්චි කරන්නේ. නමුත් ඇතැම් අවස්ථාවල අපි වෙනත් අයටත් ඒවා පාවිච්චි කරන්න දෙනවා.

කාර්යාලවල ස්ථාවර දුරකථන නම් බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. අපේ විවිධ දේ අතපත ගෑමෙන් අනතුරුවයි මේ දුරකථන පාවිච්චි කරන්නේ.

භාවිතයේදී ඒවා අපේ නාසය, මුඛ අසලට ළංකර ගන්නවා. ඒ මගින් වෛරසය ආසාදනය වෙන්න පුළුවන්.

ඒ සඳහා දිනපතා ඔබ සාමාන්‍යයෙන් සිදු කෙරෙන දෑත් සේදීමේ වාර ගණන පස් ගුණයකින් වැඩිකිරීම වගේම ඊට සමගාමීව ඔබ භාවිත කරන ජංගම සහ ස්ථාවර දුරකථනත් විෂබීජ හරණය කිරීම ඉතාම වැදගත්.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්