31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව දේශපාලන මැතිවරණ කල් දාන්න නෙවෙයි පුළුවන් නම් අපිට වඩා මනාප අරං පෙන්වන්න

සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටීම පැත්තක තබා හැකිනම් තම පක්ෂයේ අපේක්ෂකයන් අභිබවා මනාප දිනාගෙන පෙන්වන ලෙස ගාමිණි ලොකුගේ මහතා අභියෝග කර සිටී. මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ලොකුගේ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

“චීනයේ මේ තත්ත්වය අඩු වුනත් යුරෝ­පයේ මේ තත්ත්වය උග්‍ර තත්ව­ය­කට පත්ව හමා­රයි. ඉතා­ලිය හා කොරි­යාව වැනි රට­වල ශ්‍රී ලාංකික ජන­තාව වැඩි වශ­යෙන් සිටි­නවා. අද වෙද්දී අලූත් රෝගීන් ශ්‍රී ලංකා­වෙන් මතු­වෙලා තිබෙන්නේ. විදේශ රට­ව­ලින් පැමි­ණෙන සිය­ල්ලන් විශේෂ නිරෝ­ධා­යන ක්‍රම­වේ­ද­ය­කට ලක් වෙනවා. ඒ තුළින් හඳු­නා­ගනු ලැබු රෝගී ලක්ෂණ සහිත පිරිස නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථාන හරහා ප්‍රති­කාර ලබ­මින් සිටි­නවා.

මේ තත්ත්වය තව­දු­ර­ටත් පාල­නය සඳහා රටේ නිවාඩු දින වශ­යෙන් දින 3ක් නියම කර ඇති අතර, සේවා ස්ථාන­වල විෂ­බීජ විනාශ කිරී­මට වැඩ­පි­ළි­වෙළ ක්‍ර්යාත්මක කර තිබෙ­නවා. යුද හමු­දාව, වෛද්‍ය නිල­ධා­රීන්, හෙද නිල­ධා­රීන්, විශාල වශ­යෙන් වැඩ­ස­ට­හන් ක්‍ර්යාත්මක කර තිබෙ­නවා.

එක්සත් ජාතික පක්ෂය අද කල්පනා කර­නවා මේ අර්බු­දය හරහා මැති­ව­ර­ණය කල්ද­මන්න. අපි පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරියේ මේ වසං­ග­තය හේතු­වෙන් නොවන බව කියන්න කැම­තියි. මැති­ව­ර­ණය ආසන්න වෙද්දී දේශ­පා­ලන කෝලා­හල නිර්මා­ණය වී තිබෙ­නවා. සජිත් ප්‍රේම­දාස මහතා දැන් හම්බ­න්තොට පරා­ජය බාර­ගෙන තිබෙන්නේ. දැන් කොළ­ඹින් මනා­පය ඉල්ලන්න හද­නවා. කොළ­ඹින් ද එම පරා­ජය ලැබීය හැකි බවයි පෙනෙන්නේ.

අපි අභි­යෝග කර­නවා අපිට වඩා වැඩි මනාප අරන් පෙන්වන්න කියලා. රනිල් වික්‍ර­ම­සිංහ විපක්ෂ නාය­ක­තුමා ලක්ෂ 5ක මනාප ගෙන පෙන්ව­නවා කිව්වා. අපි අභි­යෝග කර සිටි­නවා හැකි­නම් ඒ අභි­යෝ­ග­යට මුහුණ දී පෙන්වන ලෙස. මේ වන විට නාම යෝජනා අත්සන් කර අව­සන් වී තිබෙන්නේ. හම්බ­න්තොට හා පොළො­න්න­රුව දිස්ත්‍රි­ක්ක­වල නාම­යෝ­ජනා මැති­ව­රණ නිල­ධා­රීන්ට භාර­දී­මට කට­යුතු කළා. ජනතා විමුක්ති පෙර­මු­ණත් හේදිලා යන නිසා මැති­ව­ර­ණය කල්දාන්න හද­නවා. තව­මත් ඡන්ද කල්දැ­මීමේ තීර­ණ­යක් නැහැ.”

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්