31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් අවමංගල උත්සව වලට අන්තර්ජාලය ඔස්සේ සහභාගී වන්න

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින් අවමංගල්‍ය අවස්ථාවල දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඇමරිකා බලධාරීන් ජනතාවට නිකුත් කර ඇත.

අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ ජාතික සංගමය සහ රට පුරා පිහිටි මල්ශාලා සමඟ එක්ව රෝග ව්‍යාප්තිය හා වැළැක්වීම පිළිබඳ (CDC) මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවමංගල්‍ය අවස්ථාවක දී ඊට සහභාගිවන පිරිස අවම සංඛ්‍යාවකට සීමා කරන ලෙසය. සෙසු අයට අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙමින් සිය ශෝකය බෙදා ගැනීමට අවස්ථාව සලසන මෙන්ද ඉන් දන්වා තිබේ.

මෙම උපදෙස් නිකුත් කර ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය තැනැත්තකුගේ අවමංගල්‍ය පිළිබඳ සැලකිල්ලට ගනිමින් නොවේ. එවැනි අවස්ථාවක වෛරසය සම්ප්‍රේෂණය විය හැකි දැයි තවමත් තහවුරු කර නොමැත. එසේ වුවද මෙම උපදෙස් ඕනෑම අවමංගල්‍ය අවස්ථාවක් සඳහා අදාළ වේ.

මෙවැනි අවස්ථාවක ඒකරාශී වීමෙන් වැළකිය යුතු මෙන්ම සමාජයීය වශයෙන් හැසිරීමේ දී කිසියම් දුරක් පවත්වා ගනිමින් සන්නිවේදනය කළ යුතුය. එවැනි උපදෙස් මෙහි දී සැලකිල්ලට ගෙන ඇත.

වෛද්‍ය ඩේවිඩ් බෙරෙන්ඩස් පවසන පරිදි අවමංගල්‍ය කටයුතු සැලසුම් කරද්දී ම මේ කාරණය සැලකිල්ලට ගැනීම සුදුසුය. හැකිතාක් දුරට සහභාගීත්වය සීමා කරන ලෙස ද හැකිනම් පවුලේ සමීප ඥාතීන් පමණක් සහභාගි කරගන්නා මෙන් ද ඔහු ඉල්ලා සිටී. CDC ය කලින් නිකුත් කළ උපදෙස්වල සඳහන් වූයේ 50කට වැඩි පිරිසක් එක්රැස්වන අවස්ථාවන්ට ඉඩ නොතැබිය යුතු බවය. පසුව ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ 10 දෙනකුට වැඩි සංඛ්‍යාවක් ඒකරාශී වීමෙන් වළකින ලෙසය. මෙම උපදෙස් වයස අවුරුදු 70 ඉක්ම වූ තැනැත්තන් සම්බන්ධයෙන් විශේෂයෙන් අදාළය. මෙම වසංගත සමයේ ඔවුහු අවදානම් කාණ්ඩයක් වෙති.

ඇමරිකා බලධාරීන් මෙවැනි ඉල්ලීමක් කිරීමට පෙර සිටම අවමංගල්‍ය සේවා ආයතන අවමංගල්‍ය අවස්ථා අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරමින් සමීපතමයන්ට ඒ හරහා සිය ශෝකය පිරිනැමීමට අවස්ථාව සලසා තිබිණි. නිව් යෝක් හි එක් අවමංගල්‍ය අධ්‍යක්ෂවරයකු පවසා සිටියේ සංචරණය සඳහා තහංචි පැණ වී ඇති බැවින් පූජකතුමකු වෙබ් කැමරාවක් උපයෝගි කර ගනිමින් ආගමික කටයුතු සිදු කළ බවය. අවමංගල්‍ය කටයුතු සඳහා මෙවැනි ආරක්ෂිත පියවර හඳුන්වා දුන් එකම රට ඇමරිකාව නොවේ. මීට පෙර බ්‍රිතාන්‍ය අවමංගල්‍ය සේවා ආයතනය කිසිදු උපදෙසක් නිකුත් වීමටත් පෙර සිටම අන්තර්ජාලය උපයෝගී කරගනිමින් අවමංගල්‍ය අවස්ථාවන් සමග සම්බන්ධ වීමට සමීපතමයන්ට අවස්ථාව උදාකර තිබිණි.

අයර්ලන්තයේ මළසිරුරු සිපවැළඳ සමුගැනීමෙන් වළකින ලෙසට උපදෙස් ලබා දී ඇත. එරට අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංමගමය තවත් පියවරක් ඉදිරියට තබමින් සියලුම සේවා කල් දැමීමට ද පියවර ගෙන තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්