31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව දේශපාලන ජනතාවට ආදරේ නම් තෙල් මිල අඩු නොකරන්නේ ඇයි.? එහෙම කළා නම් සෑම...

‘මාරාන්තික කොරෝනා වෛරසය’ හේතුවෙන් ශ්‍රී ලාංකිකයකුගේ ජීවිතයක් අහිමි වුවහොත් ජනාධිපතිවරයා, ඇමැතිවරයා මෙන්ම මහ මැතිවරණය කල්දැමීම අවශ්‍ය නැතැයි පවසන ඇමැතිවරුත් ඊට වගකිවයුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පැවැසීය. වෛරසය මර්දනය කිරීම සඳහා මුදල් අවශ්‍ය නම් පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසත්, තමන් අනිවාර්යයෙන් ඊට සහාය ලබාදෙන බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. හිටපු මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

‘වර්තමාන ජනාධිපතිවරයා බලයට එනකොට කිව්වේ තමන්ගේ අපේක්ෂාව ජනතාව ආරක්ෂා කිරීම කියලා. අපිත් හිතුවෙ එතුමාට දේශපාලනය වැදගත් නෑ කියලා. නමුත් එතුමා ඊයේ ජාතිය අමතා කිව්වේ කොරෝනා වසංගතය ගැන විශාල බියක් ඇතිකර ගත යුතු නැහැ කියලා. හැබැයි අද සමහර රටවල් මුළුමනින්ම වසා දමලා ලෝකය බයවෙලා.

පළමු රෝගියා

අපිට පහුගිය මාර්තු දොළොස්වනිදා තමයි පළවෙනි රෝගියා වාර්තා වුණේ. අද වෙනකොට හතළිස් තුන්දෙනෙකුට ආසාදනය වෙලා. මේව ආණ්ඩුව දෙන නොම්මර විතරයි. මම හිතනවා සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා. යුරෝපයෙත් වැඩි වුණේ මෙහෙමයි. ආණ්ඩුවේ හොඳ තීරණයක් තිබෙනවා. නමුත් ජනාධිපතිගේ කතාවේ අවසන් තීන්දුව වුණෙත් මහින්ද රාජපක්ෂ මහතාට ශක්තිමත් ආණ්ඩුවක් හදලා දෙන්න ඕනේ කියන එක. එතුමාට මැතිවරණය වැදගත් නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකම අරගන්න කියලයි මම නම් කියන්නේ. මේ නිසා කාගෙ හරි ජීවිතයක් නැති වුණොත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයායි, අගමැතිවරයායි, මැතිවරණය කල්දාන්න ඕනේ නැහැයි කියන ඇමැතිවරුයි ඊට වගකියන්න ඕනේ.

තෙල් මිල සූත්‍රය

අද පරිප්පු, සැමන් මිල අඩුකරලා. අද මිල සූත්‍රය තිබුණා නම් තෙල් මිල සීයට විසිපහක් විතර අඩුවෙලා. එහෙම වුණානම් රටේ සෑම භාණ්ඩයකම මිල අඩුවෙනවා. එතුමා වෙළෙඳ ඇමැතිවරයා විදිහට කතාකරයි කියලා අපි හිතුවේ නැහැ. අපි හිතුවේ එතුමාට මිනිසුන්ගේ ජීවිත වැදගත් වෙයි කියලා. දැන් පැහැදිලියි එතුමාගේ අවශ්‍යතාව තුනෙන් දෙක අරගන්න එක කියලා. මේ මැතිවරණයට වැයකරන විශාල මුදල මේ රෝගය මර්දනයට ​යොදවන්න පුළුවන්. රටවල් ගණනාවක් මේ විදිහට මැතිවරණ කල් දාලා තියෙනවා. ආණ්ඩුව පෙන්වන දේ නෙමෙයි කරන්නේ. හැමෝටම තියෙන්නේ බල තණ්හාවක්.

ප්‍රවෘත්ති සත්‍යද?

රජයේ දෙන ප්‍රවෘත්තිවල තියෙන්නේ කවුරුවත් මියගිහින් නැහැ කියලා. අපිත් ප්‍රාර්ථනා කරන්නේ කාටවත් කරදරයක් වෙන්න එපා කියලා. නමුත් ඒ ප්‍රවෘත්ති කොයි තරම් දුරට සත්‍යයද කියන එක ගැන දැන් ගැටලු මතුවෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ දවල් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කිව්වේ ඡන්දේ තියන්න ඕනේ කියලා. කොහොම වුණත් මේ ගැන ජනමාධ්‍ය ඔස්සේ පෙන්නපු නිසා ජනතාව දැනගත්තා මේ අයගේ බල තණ්හාව ගැන.

ආණ්ඩුවේ හොඳ දේවල්

ආණ්ඩුව හොඳ දේවලුත් කරනවා. ගුවන්තොටුපොළ වැහුවා. පාසල්, විශ්වවිද්‍යාල වැහුවා. ඒවා හොඳයි. මෙහෙම ආයතන වහන්නේ ප්‍රශ්නයක් තියෙන නිසානේ. එහෙම නම් ජනාධිපතිවරයා කොහොමද කියන්නේ බයවෙන්න දෙයක් නැහැ කියලා. ආණ්ඩුව හොඳ තීරණ ගන්නවා තමයි. නමුත් ඒ තීරණ ගන්නේ පහුවෙලා.

ජනාධිපතිතුමාට රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය නවත්වන්න බැරිනම් මොකක්ද ඇති වැඩේ. එතුමාට ඒක කරන්න බලය තියෙනවා. මෙය විහිළුවට ගන්න ඕනේ කතා නෙමෙයි. කොරෝනා වෛරසය මර්දනය කරන්නත්, අත්‍යවශ්‍ය ආහාර ගේන්නත් මුදල් ඉල්ලුවොත් අපි සම්මත කර දෙනවා. නමුත් ආණ්ඩුව ඡන්ද කරන්නයි මුදල් ගන්න හදන්නේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්