31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව දේශපාලන ආණ්ඩුව තවම කරන්නේ දවස ගෙවා ගැනීම පමණයි.. රෝගය පාලනයට කිසිම ජාතික වැඩපිළිවෙලක්...

පවතින ආපදා තත්ත්වය පාලනය කිරීම ආණ්ඩුවකට හෝ ආයතනයකට තනිව කළ නොහැකි බවත් ඒ සඳහා ජාති ආගම් දේශපාලන භේද නොමැතිව ජාතික මෙහෙයුමක් ආරම්භ කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (18වැනිදා ) ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලේකම්වරයා මේසේද කීය.

ලංකාව තුළ කොරෝනා රෝගය වර්ධනය වීමේ සීග්‍රතාවයක් පෙනෙනවා. ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කරගනිමින් මේ අභියෝගය ජයගත යුතුයි . මෙම තත්ත්වය පාලනය කරගැනීම පුද්ගලයකුට, ආයතනයකට, ආණ්ඩුවකට තනිවම කරන්න බැහැ. දැනටමත් එය ඔප්පුවෙලා තිබෙනවා. අපි මුල සිටම කිව්වා මේ සඳහා ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය කියලා. ආණ්ඩුවත් රජයේ ආයතනත් ස්වේච්ඡා සංවිධානත් විවිධ දේශපාලන පක්‍ෂත් මුළු රටම එකතු කරගත් ජාති ආගම් දේශපාලන භේදයක් නැති ජාතික මෙහෙයුමක් ආරම්භ කළ යුතුයි. තවමත් ආණ්ඩුව කරන්නේ දවස ගෙවා ගැනීම පමණයි. මෙවැනි රෝගයක් සමග ආණ්ඩුව සෙල්ලම් කළ යුතු නැහැ.

මේ මොහොතේ අපේ රට ආර්ථික අර්බුදයකට මුහුණදී තිබුණත් ආර්ථිකය ගැන සිතනවාට වඩා ජනතාවගේ ජීවිත පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. මෙවැනි මොහොතක ආර්ථිකය දුබල වීමට, නිෂ්පාදන මාර්ග අවහිර වීමට ඇතැම් සේවා දුබලවීමට හැකියාව තිබෙනවා. එය ජනතාවට තේරුම් ගන්නට පුළුවන්. ආණ්ඩුව ප්‍රමුඛතාවය දිය යුත්තේ මිනිස් ජීවිත සුරක්‍ෂිත කිරීමටයි. රෝගය බෝවීම මැඬ පැවැත්වීමටයි. එවැනි අවබෝධයක් සහිතව වගකීමෙන් ආණ්ඩුව වැඩ කරන බවක් දකින්නට නැහැ. අපිත් කැමතියි මේ මොහොතේ විවේචන ඉදිරිපත් කරනවා වෙනුවට මෙම වැඩපිළිවෙළෙහි කොටස්කරුවන් වෙන්න; අපේ දායකත්වය ලබාදෙන්න. නමුත් ගැටලුව වන්නේ එවැනි ඉඩක් නිර්මාණය නොවීමයි.

ජනාධිපතිවරයා ජාතිය ඇමතුවා. නිවේදනය කොට තිබුණේ රාත්‍රී 8.00 ට ජාතිය අමතන බවක්. නමුත් 8.45 වනතුරු එය ප්‍රමාද වුණා. එම කතාවේ හරය මොකක්ද? සියලුදෙනා බලාපොරොත්තු වුණා ජනාධිපතිවරයා වගකීම් සහගත ප්‍රකාශයක් කරයි කියලා. රෝගය රටට ඇතුළු වුණු ආකාරයත් ගුවන් තොටුපොළේ කාර්යභාරයත් රෝගය ව්‍යාප්ත වූ ආකාරයත් පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන්කර ගැනීමට නොහැකි වූ බවත් ඔහු ප්‍රකාශ කළා. ඒ අතර මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදාගන්න ඡන්දය දෙන්න කියලා ඉල්ලීමක් කළා. කොරෝනා වසංගත තත්ත්වයක් ඇතිවෙලා තිබෙන මොහොතක ජනාධිපතිවරයා ජාතිය අමතලා මහින්දට ආණ්ඩු බලය දෙන්න කියනවා නම් එය විහිළුවක්. කළ යුතුව තිබුණේ ජනාධිපතිවරයා විසින් රටටත් ජනතාවටත් ධෛර්යය ලබාදීමයි.

මේ මොහොතේ තමන්ගේ ජීවිතවලට තිබෙන අනතුර පවා නොසලකා රෝගය සමග සටන් කරන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවක සේවිකාවන්ට ධෛර්යය ලබාදිය යුතුව තිබුණා. නමුත් ඔවුන්ට ස්තුතියක් පවා පිරිනමන්න ජනාධිපතිවරයාට අමතක වුණා.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ තිබුණේ ඉතාම වගකීම් විරහිත දේවල්. ජනාධිපතිවරයා විපතක් තිබෙන මොහොතේ ඡන්ද පොරොන්දු ලබාදීමක් සිදු කළේ. ආණ්ඩුවක් එවැනි තැනකට වැටිය යුතු නැහැ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්