31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ජනපති කියනවා කොරෝනා බවට සැක 1500ක් ඉන්නවා කියල, මාධ්‍ය කියනවා 204යි කියල

තමන් හිරගෙට යවා කොරෝනා නතර කිරීමට හැකිනම් මේ මොහොතෙ වුවද හිරබත් කෑමට තමා සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවැසීය.

ඊයේ (18 වැනිදා) මාලබේ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය. එහිදී තව දුරටත් මාධ්‍යට අදහස් දැක් වූ හෙතෙම මෙසේද කීවේය.

‘‘එක්තරා මාධ්‍යවේදියකු විසින් පුන පුනා පැවැසුවේ මම වරදක් කර ඇති බවයි. එම වරදට හිරේ දැමිය හැකි බවයි. මගේ වැරදි ප්‍රකාශය මාධ්‍ය අධ්‍යක්ෂවරුන් අමතා නිවැරදි කළා. එහෙත් වෙනයම් අවශ්‍යතාවන්ට කටයුතු කරනවා. මා පසුගිය මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශය කළා කොරෝනා රෝගයෙන් තිදෙනෙක් මියගොස් ඇති බව. මා ජනතා මතවාදයක් අනුව එලෙස ප්‍රකාශ කළත් අනතුරුව ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිගෙන් විමසා බැලුවා. එහිදී මා කළ වැරදි ප්‍රකාශය සනාත වුණා. පසුව මාගේ මාධ්‍ය ලේකම් දැනුවත් කර මගේ එම ප්‍රකාශය පළ නොකරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලා සිටියා. එය මාධ්‍යයේ පළ වූයේ නෑ.

එහෙත් පසුගිය දිනක ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී මා එවන් ප්‍රකාශයක් කියූ බවත්, එය හිරේ දැමිය හැකි වරදක් නේද? කියාත් එහි නිවේදක ඇසුවා. මෙලෙස මාධ්‍යයේ පල නොවූ දෙයක් විග්‍රහ කර පෙන්වීමට උත්සාහ කළා.

අපට රජයේ තොරතුරු ලබා ගැනීමට එම ආයතන ප්‍රධානීන් හෝ නිල ප්‍රකාශකයන් සමග සම්බන්ධ වීමට අවස්ථාව නෑ. අපි ඉනනේ විරුද්ධ පක්ෂයෙ නිසා අපිට තොරතුරු ලැබෙන්නේ නෑ. ඉතින් ජනතාව මගින් හෝ මාධ්‍ය මගින් ලැබෙන තොරතුරු ප්‍රකාශ කළා.

මෙම තත්ත්වය මර්දනය කිරීමට රජය ගත් ක්‍රමවේදය කුමක්ද කියා මම එදත් ඇසුවා. අදත් අහනවා. දින දෙකක් තුනක් ජනතාවට කල්දී නිවසට අවශ්‍ය ආහාර රැස්කර ගන්න කියනවා. පසුව දින පහළොවක් මුළු රටම නිරෝධායනයට ලක් කරනවා. එසේ හදිසි නීතිය දමා හෝ ජනතාව නිවෙස් තුළ රඳවන්න කටයුතු කරන්න. ජනතාව ​බේරාගැනීමේ චේතනාවෙන් මිස රට ගිනි තැබීමේ අරමුණින් මේ ප්‍රකාශ කරන්නේ නෑ. රට ගිනි තියල අපට ලැබෙන ලාභයක් නෑ. මඩ ගහන්න ඕනෑ අය විවිධ දේ පවසනවා.

කොරෝනා නතර කරන්න පුළුවන්නම් මා වසර පහක් වුවත් හිරේ යන්න ලෑස්තියි. මාව හිරේ දැමූ විට කොරෝනා නතර වෙනවාද? මේ අවස්ථාවේ දේශපාලන හිතවාදීන් හිරේ දමන අරමුණින් කටයුතු කරනවා.

මාව හිරේ දමන්න හැකියාව ඇතිනම් මම උදාහරණයක් පෙන්වනවා. පුවත්පතක තිබෙනවා ලංකාවේ කොරෝනා ආසාදිතයන් බවට සැක කරන 204ක් සිටිනා බව. මීට වෙනස් සංඛ්‍යාවක් තවත් විද්‍යුත් මාධ්‍යයක ප්‍රචාරය වුණා. එහෙත් ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිතයන් බවට සැක 1500ක් සිටින බවයි. එසේනම් මෙහිදී ජනාධිපතිවරයාත් හිරේ දමන්න වෙනවා. බලාගෙන ගියාම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉතාම භයානකයි. මේක මා පැවැසුවා නම් කියන්නේ හිරේ දමන්න ඕනෑ කියලා. මෙවැනි වැරදි වෙන්නේ අපිට පමණක් නොවේ. ජනාධිපතිටත් වරදිනවා.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්