31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කොරෝනා වැළඳුන පොහොට්ටු මන්ත්‍රී නිසා රාජපක්‍ෂ පවුලේම ජීවිත අනතුරේ

වරකාපොළ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී ප්‍රසන්න දම්මික මහතාට (රුවන්) කෝරානා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරුකරගැනීම මත මේ වනවිට එම මන්ත්‍රීවරයා කොළඹ IDH රෝහල වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට එම මන්ත්‍රීවරයා සමග පසුගිය දිනවල ආශ්‍රය කළ එම ප්‍රාදේශීය සභාවේම සභාපතිවරයා ඇතුළු තවත් මනත්‍රීවරු 05 දෙනෙකුටද සෞඛ්‍ය අංශ මැදිහත්වී තම තමන්ගේ නිවෙස්වලට වී ස්ව්‍යං නිරෝදානයේ නිරතවන ලෙස දැනුම්දී ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරයා විසින් අතට අත දුන් බැසිල් රාජපක්ෂ මහතාව කිසිදු නිරෝධායනයකට ලකක්ර නොමැත. මොහු හමුවීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතාද හමුවී ඇති අතර ඔවුන් දෙදෙනාවද නිරෝධායනයට ලක් කළයුතු තත්වයක් මේ වනවිට උද්ගතව තිබේ.

කොරෝනා වෛරසය ශරීරගතවී ඇති බවට තහවුරුවීම හේතුවෙන් රෝහල්ගතකළ මෙම මන්ත්‍රීවරයා ගුවන්තොටුපොළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ මන්ත්‍රීවරු 05 දෙනා අතර එක් මන්ත්‍රීවරයෙකු කොඹ නුවර ප්‍රධාන මාර්ගයේ ප්‍රසිද්ධ අවන්හලක අයකැමියෙකු (cashier) ලෙස කටයුතු කරණ අයෙකු බව පැවසේ.

ඔහු පසුගිය දිනවල ජනතාව ඒක්රැස්කර රැස්වීම් පැවැත්වීම්, කුඩා ජනහමු පැවැත්වීම්, ගෘහස්ථ සාකච්ඡා පැවැත්වීම් ආදියට සම්බන්ධ වී ඇති බවත් එම රැස්වීම්වලට පොහොට්ටු පක්ෂයේ ඉහළ නායකයන් පවා සහභාගී වී ඇති බවත් වාර්තා වේ.

මේ අනුව මෙම මන්ත්‍රීවරයා මගින් වෛරසය ආසාධානය වී ඇති පිරිස නිහ්චිතව හඳුනාගෙන නොමැති අතර එම තත්වය ඉතාමත් බරපතල තත්වයක් බැවින් ජනතාව ඒකරාශීවීම වැලැක්වීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන්, මහජන නියෝජියන් සහ සිවිල් සහ සුභසාදක සංවිධාන එක්ව වරකාපොළ නගරය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය තීරණ ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වේ.

අවශ්‍ය වුවහොත් නගරයේ සියළුම වෙළඳසැල් වසා දැමීමට සියළුම වෙළඳසංගම් සමග එකඟතාවයකට වුවද පැමිණීම සඳහා එහිදී සාකච්ඡා වෙමින් තිබෙන බවද වාර්තා වේ.

මෙම දේශපාලන උණකාරයන් විසින් වයිරසය කෙතරම් දුරට පතුරුවා හැර තිබේ ද යන්න සොයාගැනීම පවා දුෂ්කර විය හැකි තත්වයක් මේ වනවිට උද්ගතව තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට තවත් මාස හයක් තිබියදී, මෙවැනි අර්බුදකාරී තත්වයක් පෙනි පෙනී හදිසි මැතිවරණයක් පවත්වන්නට තීරණය කිරීම කොයි තරම් අමනෝඥ ක්‍රියාවක් ද යන්න දැන් ඔප්පු වෙමින් තිබේ.

පාලකයන් තවමත් වගකීමකින් යුතුව කටයුතු කරන බවක් නොපෙනේ. මෙවැනි පසුබිමක් තුළ මෙරට පුරවැසියන් වගකීමෙන් යුතුව හැසිරිය යුතු ය.

ඔවුන් මැතිවරණ පවත්වා ගත්තාවේ. මෙතෙක් ඉතිහාසය තුළ පාර්ලිමේන්තුවට පත් වූ කිසිවකුගෙන් මේ රටේ ජනතාවට සෙතක් වී නැත. ඔවුන්ගේ පටු පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර දීම වෙනුවෙන් ඔබ වසංගතවලට ගොදුරු වී ඔබේ ජීවිත අවදානමේ නොහෙලන්න. කිසිදු ඡන්ද රැස්වීමකට සහභාගි නොවන්න.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්