31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කොරෝනා අවදානම නොතකා ජොන්ස්ටන් දැවැන්ත සාදයක් පවත්වයි.. වැරදි ආදර්ශයක් දෙමින් මහින්දත් සහභාගී...

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා මේ වනවිට ලෝකය පුරා මෙන්ම ලංකාවේද විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ජනතාව රැස්වන කිසිම ආකාරයක කටයුත්තක නියැලීමෙන් වළකින ලෙස මේ ඊයේ දිනය වනවිටත් නියෝග කර තිබිණ. ඒ අතර සාද සංවිධානය කිරීම, විනෝද චාරිකා යාම, දේශපාලන රැස්වීම් පැවැත්වීම, විවාහ උත්සව පැවැත්වීම ඇතුළු සියලුම ආකාරය ජනතාව රැස්වීම් වාරණය කර තිබේ.

එහෙත් මේ නියෝග නොතැකූ පාර්ලිමේන්තු මන්ත්‍රී හා කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් දැවැන්ත සාදයක් ඊයේ රාත්‍රියේ සංවිධානය කර තිබුණි.

මෙම සාදයට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ජොන්ස්ටන්ගේ හිතවතුන් 120ක පමණ ප්‍රමාණයක් ආරාධනා ලැබ සහභාගී වී තිබුණේ ත්‍රිවිධ හමුදාව ඇතුළු වෛද්‍ය සේවයේ නිරත වන්නන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා දරන අප්‍රමාණ වෙහෙසට නිගා කරමිනි.

පාලකයන් ආදර්ශමත් වියයුතු අවස්තාවක මෙලෙස නින්දාසහගත ලෙස පොහොට්ටුවේ දේශපාලකයන් කිහිප දෙනෙකුම හැසිරෙණු දක්නට ලැබීම කනගාටුවට කරුණකි.

කෑගල්ල ප්‍රදේශයේ පොහොට්ටු මන්ත්‍රීවරයෙකුද කොරෝනා රෝගය වැළදී සිටියදීම දේශපාලන රැස්වීම් ගණනාවකට සහභාගී වී තිබුණි.

එසේම තවත් කනගාටුවට කරුණක් වන්නේ ඊයේ සාදයකට සහභාගී වී සිටි තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සංවිධානය කළ මෙම දැවැන්ත සාදයට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගැනීමයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්