31 C
Colombo
Saturday, March 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ඇඳිරි නීතිය සිකුරාදා තෙක් දීර්ඝ කරයි

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරෙයි.

මේ දිස්ත්‍රික්කවල හෙට දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 වන සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙයි.

මේ දිස්ත්‍රික්කවල 27 දහවල් 12.00ට ඇඳිරි නීතිය යළි පනවනු ලැබේ.

සෙසු දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වේ. එය 26 බ්‍රස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇත.

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ.

කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යාවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව රජය දැනුම් දෙයි.

 

 

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනතාව පාරවල් පුරා.. කැපකිරීම් වතුරේ

කොරෝනා (කොවිඩ්-19) වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් දුන් උපදෙස් නොතකමින් ජනතාව ඊයේ (27දා) පෙරවරුවේ මහමඟට පැමිණ ගමන් බිමන් යෑමට පටන් ගැනීම නිසා...

කොරෝනා වලින් මියයාමේ වැඩි සම්භාවිතාවක් ඇති නිසා වැඩිහිටියන්ට උපදෙස් මාලාවක්

Covid-19 වෛරසයේ ව්‍යාප්තිය සමග වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත් කර තිබේ. එහි...

කළුතර ගමක් සම්පූර්ණයෙන් වසා දමයි

කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය ඊයේ (27) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. ඒ නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින්. මෙම ගමේ...

අමෙරිකාවේ ආසාදිතයින් ගණන ලක්ෂය පනී

අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 102,396 ක් වන අතර මිය ගිය සංඛ්‍යාව...

පාඨක අදහස්