31 C
Colombo
Friday, July 10, 2020
මුල් පිටුව උණුසුම් පුවත් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම සුපර්මාකට් කරුවන්ගේ කූට උපක්‍රමයක්.?

ඇතැම් සුපිරි වෙළෙඳ සැල් ජාලා හිමිකරුවන් විසින් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් සඳහා මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

එසේ නොවුණහොත් වෙළෙඳ සැල තුළට ඇතුල් වීමට ඉඩ දෙන්නේ එම වෙළෙඳ සැලෙන්ම මුඛ ආවරණයක් මිලදී ගෙන ඒ මොහොතේම පැළඳ ගැනීමේ කොන්දේසිය මතයි.

කෙසේ වෙතත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ වෛරසය ආසාධනය වීම වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවයි. මුඛයෙන් වෙළෙඳ සැලේ තිබෙන බඩු භාණ්ඩ ස්පර්ශ නොකරන බැවින් පුද්ගලයින් අතර නිර්දේශිත දුර පවත්වා ගන්නේ නම් එය කිසිසේත්ම අවශ්‍ය නොවන බවද ඔවුන් පෙන්වා දෙයි.

ඇතැම් සුපරි වෙළෙඳ සැල් ජාල මෙලෙස වෛද්‍යවරුන්වත් නොකරන ආකාරයේ නීති පැනවීමක් කර ඇත්තේ ජනතාව අසරණ කර ඔවුන්ගේ මුඛ ආවරණ තොග විකුණා ගැනීමට බව ඇතැමුන් චෝදනා කරයි. ලංකාවේ ප්‍රමුඛතම සුපරි වෙළෙඳ සැල් ජාලයකට අයත් මුඛ ආවරණ සමාගමක්ද පවතින අතර ඔවුන් විසින්ද මෙලෙස මුඛ ආවරණ පැළඳීම ජනතාවට අනිවාර්ය කර තිබේ.

ඇඳිරි නීතිය ලිහිල් කර ජනතාවට අවශ්‍ය ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමට ඉතා සුලු කාලයක් රජය විසින් ලබාදී තිබෙන අවස්ථාවේ එය ප්‍රයෝජනයට ගෙන ජනතාව හූරා කෑමට සුපරි වෙළෙඳ සැල් හා මුඛ ආවරණ නිෂ්පාදකයන් දරන ඉතා ගුජුප්සාජනක උත්සාහය කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

නාත්තණ්ඩියට ආ උපදේශිකාවට කොවිඩ් නිසා බස්වල ගිය මිනිස්සු සොයා මෙහෙයුම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (09දා) කොවිඩ් ආසාදිතයන් 56ක් හමුවීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කිරීමට පියවර...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රි ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ. අද (10) අලුයම...

ඉන්දියානු පිළිකා එන්නත මිලදී ගන්න පවිත්‍රා සූදානම් වෙයි

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ එන්නත් කුප්පි දෙළොස් දහස් පන්සියයක් ඉන්දියානු සමාගමකින් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඉදිරිපත් කළ...

නිරෝධායන කාලයේ නොගෙවූ ණය වලට ජනතාවගෙන් අමතර පොළියක් අය කරන්න අනුමැතිය

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබාදුන් සහන කාලයේදී ගනුදෙනුකරුවන් නොගෙ වූ ණය වාරික වෙනුවෙන් සියයට හතක උපරිමයකට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට...

පාඨක අදහස්