31 C
Colombo
Saturday, March 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් පළමු ලාංකික කොරෝනා රෝගියා සුවය ලබා පිටව යමින් කියූ දේ

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටින් හඳුනා ගැනුණු පළමු ශ්‍රී ලාංකිකයා සම්පූර්ණයෙන් සුවය ලබා අද (23) සිය නිවස වෙත පිටව ගියේ.

වෘත්තියෙන් සංචාරක මඟ පෙන්වන්නෙකු වූ ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු කර ගැනුනේ පසුගිය මාර්තු 11 වැනිදායි.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන මත්තෙගොඩ 52 හැවිරිදි ජයන්ත රණසිංහ ඉතාලි බස කතාකරන සංචාරක මාර්ගෝපදේශකයෙක්.

ඔහු අවසන් වරට ඉතාලි ජාතිකයින් සිව්දෙනෙකුට මග පෙන්වා ඇති අතර ඉකුත් 03 වැනිදා සිට 8 වැනිදා දක්වා ඔවුන් සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කර තිබේ.

ජයන්ත රණසිංහ අසනීප තත්ත්වයක් හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත් කරනු ලබන්නේ පසුගිය මාර්තු 9 වැනිදායි.

ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මාර්තු 11 වැනිදා පරීක්ෂණ මගින් තහවුරු කර ගැනුණි.

කෙසේ වෙතත් ඔහු රෝහලෙන් පිටත් කර හැරුණද තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස වෛද්‍යවරු උපදෙස් ලබා දී තිබේ.

මේ අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද දින 14ක් ස්වයං නිරෝධායනයට ලක් කෙරුණු අතර ඊට අදාළ නිල සහතිකයද ඔවුන් වෙත ප්‍රදානය කර තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වේගයෙන්ම කොරෝනා වැළදී ඇත්දැයි සෙවිය හැකි යන්ත්‍රය ඇමරිකාව නිපදවයි

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 පිළිබඳ පරීක්ෂාව විනාඩි පහක් වැනි කෙටි කලකදී සිදුකිරීමේ හැකියාව ඇති උපාංගයක් නිපදවන්නට එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot...

ජනතාව පාරවල් පුරා.. කැපකිරීම් වතුරේ

කොරෝනා (කොවිඩ්-19) වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට සෞඛ්‍ය බලධාරීන් දුන් උපදෙස් නොතකමින් ජනතාව ඊයේ (27දා) පෙරවරුවේ මහමඟට පැමිණ ගමන් බිමන් යෑමට පටන් ගැනීම නිසා...

කොරෝනා වලින් මියයාමේ වැඩි සම්භාවිතාවක් ඇති නිසා වැඩිහිටියන්ට උපදෙස් මාලාවක්

Covid-19 වෛරසයේ ව්‍යාප්තිය සමග වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් නිකුත් කර තිබේ. එහි...

කළුතර ගමක් සම්පූර්ණයෙන් වසා දමයි

කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය ඊයේ (27) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. ඒ නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින්. මෙම ගමේ...

පාඨක අදහස්