31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව ආර්ථික කෘෂිකර්ම හා සත්ව පාලන වැඩසටහන් අඩපන නොවී පවත්වා ගෙන යාමට පියවර

දිවයිනේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුල අත්‍යාවශ්‍ය කෘෂිකර්ම හා සත්ව පාලන වැඩ සටහන් අඩපන නොවී පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු වේ.

ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන කාලවලදී ගොවි සංවිධාන විසින් තම නිෂ්පාදන ගොවිජන සේවා මධ්‍යස්ථාන 562 , ලක් සතොස වෙළඳ සැල් හා මහවැලි කාර්යාල වලට සහ කොට්ඨාශ කාර්යාල වලට අදාළ වෙළඳ සැල් වෙත ගෙනැවිත් පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට පහසුකම් සලසා ඇත.

ඇඳිරි නීතිය නොමැති අවස්ථාවලදී, වෙළඳුන්ට තම නිෂ්පාදන අලෙවි කිරීමට ස්ථාන පහසුකම් ලබා දීම සඳහා ගන්නොරුව කෘෂිකර්ම පරිශ්‍රය සුදානම් කර ඇති අතර ඒ සඳහා අධ්‍යක්ෂ, (ජාතික කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානය) එස්. පෙරියසාමි මහතා (දු.ක. 071 415 75 85) සම්බන්ධ කරගනිමින් අවශ්‍ය කටයුතු කර ගත යුතු වේ. පාරිභෝගිකයන්ට එම ස්ථානයට පැමිණ අවශ්‍ය ද්‍රව්‍ය මිලට ගත හැකිවේ.

එසේම ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුල වගා කටයුතු සඳහා අවශ්‍ය රසායනික හා කාබනික පොහොර වර්ග, බීජ වර්ග සහ කෘෂි රසායනික ද්‍රව්‍ය බාධාවකින් තොරව ප්‍රවාහනය කිරීමට හා ගබඩා කිරීමට පහසුකම් සලසා ඇති අතර ඇඳිරි නීතිය බල නොපවත්වන අවස්ථා වල තම ප්‍රදේශයේ ගොවි සංවිධාන හා අලෙවිසැල් මගින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.

සියලු වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ඇඳිරි නීතිය බලපවත්වන කාලය තුල විවෘත කිරීමට උපදෙස් දී ඇති බැවින් තම නිෂ්පාදන එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අලෙවි කර ගත හැකිය.

සියලුම සත්ව නිෂ්පාදන (කිරි, බිත්තර, හා මස් ) සහ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුල ප්‍රවාහනය කිරීමට, ගබඩා කිරීමට හා බෙදා හැරීමට අවසර ලබා දෙනු ලැබේ.

යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය ලබා ගැනිමේදි විධිමත් කන්න රැස්වීම් පවත්වන තෙක් ගොවි සංවිධාන කාරක සභාව මගින් ජලය බෙදා හැරිම සඳහා අවශ්‍ය තීරණ ගෙන වගා කටයුතු කල හැකිවේ.

එමෙන්ම ප්‍රධාන ජල පාලන කමිටු රැස්විම් පවත්වන තෙක් මහවැලි කොට්ඨාශ සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වල තීරණ අනුව යල කන්නය වගා කටයුතු කිරීමටද කටයුතු කරන්න.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්