31 C
Colombo
Wednesday, April 1, 2020
මුල් පිටුව තාක්ෂණික කොරෝනා යැයි සැක සහිත රෝගීන් පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක්

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය අසාදිත යැයි සැක සහිත රෝගින් රෝහලට පැමිණි විට ඔවුන් සමීපයට නොයා ආරක්ෂිතව පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක් පානදුර මුලීක රොහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය විසින් හදුන්වා දී තිබේ.

ඒ සැක සහිත රෝගින් රෝහලට පැමිණි විට ඔවුන් තනිව ආරක්ෂිත කුටියක රඳවා නව තාක්ෂණය ඔස්සේ ඩිජිටල් කැමරාවක් උපයෝගි කර ගනිමින් පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක්.

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා සීඝ්‍ර‍යෙන් ව්‍යාප්තවීමත් එම රෝගීන් සඳහා ප්‍රතිකාර කීරිමෙහි නිරත වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩල වෙතද වෙරසය අසාදනයවීමේ වතාවරණයක් උද්ගත වී තිබේ.

එම තත්ත්වයට පිළියමක් ලෙස තම රෝහලට පැමිණෙන කොරෝනා වෛරසය අසාදිත යැයි සැක සහිත රෝගින් ආරක්ෂිත ලෙස පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් පානදුර මුලීක රොහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර තිබේ.

මෙම ක්‍රමවේදය ඔස්සේ සැක සහිත රෝගින් රෝහලට පැමිණි විට ඔවුන් තනිව ආරක්ෂිත විදුරු කුටියක් තුළ රඳවා වෛද්‍යවරුන් වෙනත් ස්ථානයක රැදී සිටිමින් රෝගියා පරික්ෂා කිරීම සිදුවනවා.

ඒ සඳහා වයිෆයි තාක්ෂණයෙන් සම්බන්ධ කරන ලද කැමරාවක් උපයෝගි කරගනු ලබන අතර රෝගියාගේ රෝග ලක්ෂන සහ තොරතුරු විමසීමෙන් පසු වෛද්‍ය උපදෙස් නියම කරනු ලබන්නේ මෙම ක්‍රමවේදය ඔස්සේයි.

කෝවිඩ් – 19 වෛරසය අසාදිත යැයි සැක සහිත රෝගින් පැමිණි විට ඔවුනට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය විශේෂිත ඇදුම් කට්ටල, හිස් ආවරණ, මුඛ ආවරණ සහ අත් වැසුම් වැනි ආරක්ෂිත උපකරණ පානදුර මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය විසින් නිපදවනු ලබන්නේද එම රෝහලේම ස්ථාන 05කදි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දඹුල්ලේ පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායනයට

මහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද...

අද දිනයේදී පමණක් කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ. පස්වරු 4.45ට සෞඛ්‍ය...

අජිත් රෝහණ බොරු ප්‍රචාර ගෙනයන බවට ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින්...

අජිත් නිවාඩ් හා මහින්ද සේවක අර්ථසාධක අරමුදලට විදින්න සූදානම් වෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් රටේ ආර්ථිකය මුහුණදී ඇති පසුබෑමට පිළියමක් වශයෙන් සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20%ක් එහි සාමාජිකයින් වෙත නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ආර්ථික...

පාඨක අදහස්