31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් හැන්ටා නම් තවත් වෛරසයකින් චීනය කැළඹේ.. ජීවිතයකුත් බිළිගනී

කොරෝනා වෛරසය මැඩ පවත්වා සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන චීනයෙන් තවත් වෛරසයක් වාර්තා වී තිබේ .

විදෙස් මාධ්‍ය කිහිපයක්ම වාර්තා කළේ හැන්ටා නම් වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.

එම වාර්තා පැවසුවේ එරට යුනාන් ප්‍රදේශයේ සිට ෂැන්යොන් ප්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඒ අනුව එම බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති අතර ඔවුන්ටද එම වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති බවයි චයිනා ග්ලෝබල් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.

කෙසේ වෙතත් හැන්ටා වෛරසය යනු නව වෛරසයක් නොවන අතර එය දශක දෙකක් පුරා ලොව විවිධ ස්ථාන වලින් වාර්තා වී තිබේ .

Is Hantavirus more dangerous than Coronavirus? - All you need to know

කොරියානු යුද්ධයෙන් (1951-1953) පසුව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ 3000කට පමණ මෙම වෛරසය ආසාදනය වූ බවට තොරතුරු පවති.

ඇමරිකානු වසංගත වැළැක්වීම සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව මෙම වෛරසය මීයන්ගෙන් පැතිර යන බවට සඳහන් වේ.


මීයන්ගේ මළ සහ මුත්‍රා හරහා මෙම වෛරසය මිනිස් සිරුරට ආසාධනය වන බවයි මේ වන විට විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත්තේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්