31 C
Colombo
Saturday, March 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ඇඳිරි නීතය අවස්ථාවේ පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරු ගිලන් රථයේ හැපී...

ඇඳිරි නීතය අවස්ථාවේ පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරු ගිලන් රථයේ හැපී මරුට

රජය ඇඳිරි නීතිය පනවනු ලැබුයේ ජනතාව නිවෙස්වලට කොටු කර නිරෝධායන කටයුතු සිය නිවෙස්වල සිට සිදු කරවීමටත්, ඒ හරහා රෝගය ව්‍යාප්තවීම වළක්වා ගැනීමටත්ය.

එහෙත් පනවන ලද පොලිස් ඇඳිරි නීතිය නොතකමින් එම කාලසීමාව තුළ එළිමහනේ ගැවසුණු මිනිසුන් අපට සුලබව දැකගත හැකිවුණි.

ඇඳිරි නීතිය පැවැති කාලයේ පොලිස් අණ නොතකා යතුරුපැදියෙන් ගමන් ගත් 17 හැවිරිදි තරුණයකුට පසුගිය 21 වැනිදා තම ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය. තම සොහොයුරා විවාහ ගිවිස ගෙන සිටි සිටි තරුණියගේ නිවසේ වහලයක් පිළිසකර කිරීමට යමින් සිටියදී හදිසි අනතුරට ලක්වූ මොහු අකාලයේ දිවියෙන් සමුගෙන ගියේ නීතිය තඹේකට මායිම් නොකළ බැවිනි.

නුංගමුව, පල්ලෙවෙල පදිංචිව සිටි ශසින නයනක රණසිංහ නමැති මෙම තරුණයා මෙසේ ජීවිතයට සමුදුන්නේ රටේ නීතිය නොපිළිපදින සියලු දෙනාටම කදිම පාඩමක් කියා දෙමිනි.

මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබූ පසුගිය 20 වැනිදා වේයන්ගොඩ, කුඹල්ඔලුව ප්‍රදේශයේ මිතුරකු සමග යතුරුපැදියෙන් දඩගොමුවට යාම සඳහා මියගිය තරුණයා තීරණය කළේ රටේ පනවා තිබූ ඇඳිරි නීතිය තුට්ටුවකටවත් මායිම් නොකරය. මිතුරා යතුරුපැදිය පැදවූ අතර ඔවුන් වේයන්ගොඩ නගරයට ළඟා වනවාත් සමගම පොලිසිය යතුරුපැදිය නවතන ලෙසට අණ දුන්නද එය නොතකා ඔවුන් වේගයෙන් ඉදිරියටම ධාවනය කළේ වෙනත් කළ හැකි දෙයක් නොවූ නිසාවෙනි.

ඔවුන්ට යා හැකි වූයේ ටික දුරකි. විදුලි වේගයෙන් ගිය යතුරුපැදිය දන්විලානේදී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයකට ඉස්සර කිරීමට යාමේදී දකුණු පසින් පැමිණි ගිලන් රථයේ ගැටී යතුරුපැදියේ පසු පස අසුනේ ගමන් ගත් නයනක විසිවී ගොස් බිමට පතිත වූයේ බරපතළ තුවාල ලබමිනි.

එසේ අනතුරට ලක්වූයේ පෞද්ගලික රෝහලකට අයිති ගිලන් රථයකි. සේවා මුරය අවසන් වී රෝහල් සේවක සේවිකාවන් ඇරලවීම සඳහා යමින් සිටි අතරතුර මෙම අනතුර සිදුව තිබේ. විශාල ශබ්දයක් ඇසී අනතුර සිදුවූ ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් තුවාලකරුවන් රැගෙන රෝහල වෙත යැවීමට කටයුතු කළද ඇඳිරි නීතිය නිසා එකදු වාහනයක්වත් සොයා ගැනීමට නොහැකි වී ඇත. ගිලන් රථ රියැදුරුගෙන් තුවාලකරුවන් රෝහලට යාම සඳහා උදව් ඉල්ලුවද ඒ බව නොතකා ගිලන් රථය එම ස්ථානයෙන් නික්ම ගියේ කිසිවක් සිදුනොවූ පරිද්දෙනි. මාරයා සමග පොර බදමින් සිටි තුවාලකරුවන් බේරාගැනීමට රියැදුරුගේ හිත උණු නොවුණේ මිනිස් සමාජයේ සදාචාරය වලපල්ලට ගොස් ඇති බව යළි පසක් කරමිනි.

පසුව ප්‍රදේශවාසීන් එක්ව වේයන්ගොඩ දඩගමුව ප්‍රදේශයේ පිහිටි සොහොයුරාගේ පෙම්වතියගේ නිවසේ වාහනයකින් තුවාලකරුවන් වතුපිටිවල මූලික රෝහල වෙත යැවුණද ඒ වනවිටත් නයනක මෙලොව හැර ගොස් හමාරය.

වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. වීරසිංහ රටේ පවතින තත්ත්වය පිළිබඳව පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින් සිට නැවත පොලිසිය කරා එමින් සිටියදී මෙම ගිලන් රථය හමුවී ඇති අතර ඔහු ඇතුළු පොලිස් නිලධාරීන් එක්ව වහාම ගිලන් රථය හා රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

17 හැවිරිදි නයනකගේ මරණ පරීක්ෂණය වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේදී මීවල හදිසි මරණ පරීක්ෂක අබ්දුල් කාදර් විසින් සිදුකළ අතර මෙය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට තීන්දු කෙරිණ.

ගිලන් රථයේ රියැදුරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

රතු පල්ලියේ යාච්ඥාව ගැන මුස්ලිම් කවුන්සිලයෙන් පැහැදිලි කිරීමක්

කොටුව රතු පල්ලියේ පැවති යාච්ඥාවකට සහභාගි වූ පුද්ගලයකුට කොරෝනා වැළඳී ඇතැයි වාර්තා වූ පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පැහැදිලි කිරීමක් එවා...

එළිසබෙත් රැජිණට කොරෝනා ආසාධනය වූ බවට වාර්තා වන පුවත් අසත්‍යයි

එළිසබෙත් රැජිනට කොරෝනා ආසාධනය වූ බවට පළවන වාර්තා සියල්ල අසත්‍යය. ලංකාවේ වෙබ් අඩවි කිහිපයක් මෙන්ම එතරම් ජනප්‍රිය නොවන විදෙස් වෙබ් අඩවි කිහිපයක්ද...

මාරවිල පුද්ගලයෙක් ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණීය ගොදුර බවට පත්වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා වුණි. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග...

වේගයෙන්ම කොරෝනා වැළදී ඇත්දැයි සෙවිය හැකි යන්ත්‍රය ඇමරිකාව නිපදවයි

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 පිළිබඳ පරීක්ෂාව විනාඩි පහක් වැනි කෙටි කලකදී සිදුකිරීමේ හැකියාව ඇති උපාංගයක් නිපදවන්නට එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot...

පාඨක අදහස්